×

මිය ගියැයි කී, කිම් ජොන් අන් දින 20කට පසු ජනතාව ඉදිරියට

ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කලේ ඔහු කොරෝනා වෛරසයෙන් බේරී සිටීම සදහා මෙවැනි උපක්‍රමයක් අනුගමනය කර ඇති බවයි.


 

සැත්තමකට පසු දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මිය ගිය බවට අනුමාන කළ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් දින 20ක කාලයකින් පසු නැවතත් මහජනතාව ඉදිරියට පැමිණ ඇති බව අද අල් ජසීරා පුවත් සේවය වාර්ථා කරන ලදී.

පසුගියද සී එන් එන් පුවත් සේවය ඇමරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් මුලින්ම මේ පිළිබදව වාර්ථා කලේ කිම් ජොන් අන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. ඊට දින කිහිපයකට පසු ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් ම විසින් ඔහු මිය ගොස් ඇති බවට අනුමාන කරන ලදී. ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කලේ ඔහු කොරෝනා වෛරසයෙන් බේරී සිටීම සදහා මෙවැනි උපක්‍රමයක් අනුගමනය කර ඇති බවයි.

කෙසේ වෙතත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අද අලුයම අනාවරණය කලේ ඔහු අද මහජනයා හමුවේ පෙනී සිටි බවයි. කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (කේසීඑන්ඒ) අද වාර්ථා කරන ලද්දේ පියොංයැං අගනුවර පිහිටි සංචියොන්හී කෘෂීකාර්මික කටයුතු කර්මාන්ත ශාලාවක් විවෘත කරමින් ඔහු මෙසේ මහජනයා ඉදිරියේ පෙනී සිටි බවයි. උත්සවයට සහභාගී වෙමින් ඔහු සිනහා මුසු සංවාදයක සිටින අයුරු දැක්වෙන ඡායාරූපද ප්‍රසිද්ද කර ඇත.

නමුත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබදව මාධ්‍ය මගින් සිදු කළ විමසුමකදී පවසා ඇත්තේ ”මම තවමත් ඒ ගැන අදහස් දක්වන්න සූදානම් නැහැ යනුාවනි. බොහෝ විචාරකයන්ගේ මතය වී ඇත්තේද ඔහුගේ මෙම ඡායාරූප වල සත්‍ය අසත්‍යතාව හෙළිකර ගත යුතුව පවතින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි