×

කෙන්යානු අගනුවර හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්

කෙන්යාවේ නයිරෝබි නුවර හෝටල් සංකීර්ණයක් වෙත මේ වනවිට ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙමින් තිබේ.


කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටා තිබෙන Dusit නමැති හෝටලයට මේ වන විට ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ.

පිපිරීම් ශබ්ද සහ වෙඩි හඬ ඇසෙන අතර, හෝටලයේ රථ ගාලේ නවතා තිබූ මෝටර් රථ ගණනාවක් පිපිරීම් හේතුවෙන් ගිනිගෙන විනාශ වී ඇත.

මෙම හෝටලය පිහිටා තිබෙන්නේ වෙස්ට්ලන්ඩ් දිස්ත්‍රික්කයේ ය. අවම වශයෙන් බෝ්ම්බ පිපිරීම් හඬවල් 2 ක් පමණ ඇසුණු බව දැනට වාර්තා වේ.

පොලිසිය පවසන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් සේ සලකා තමන් විසින් කටයුතු කරන බවයි. ආයුධ සන්නද්ධ සිව් දෙනෙක් හෝටල් සංකීර්ණය වෙත ඇතුළු වූ බවට ඇසින් දුටු සාක්ෂි තිබේ.

හෝටලය තුළ කී දෙනෙක් සිරවී සිටින්නේදැයි තවම වාර්තා වී නැත.

කෙන්යාවේ අපරාධ පරීක්ෂණ අංශයේ ප්‍රධානියා සිද්ධිය වූ තැනට පැමිණ ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.

Cars on fire in Nairobi
Vehicles were on fire in the car park and people are being evacuated

අසල ගොඩනැගිල්ලක සේවය කරන කාන්තාවක් තමන්ට හෝටලය තුළින් වෙඩි හඬ ඇසුණු බව පවසා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි