×

නමස්තේ ට්‍රම්ප්! -ගාන්ධි ආශ්‍රමයෙන් ට්‍රම්ප් ඉන්දීය සංචාරය අරඹයි

අද දින හයිද්‍රාබාද් ගුවන් තොටුපොළෙන් ඉන්දියාවට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පළමු ගමනාන්තය ලෙස ‘සබර්මතී ආශ්‍රම්‘ හෙවත් ‘ගාන්ධි ආශ්‍රමය‘ වෙත ගියේය.


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක් ලබා දී තිබිණි.

කිලෝමීටර 22 ක් දිගැති රිය පෙරහැරක් මෝදි විසින් ට්‍රම්ප් වෙනුවෙන් සූදානම් කර තිබේ.

Yahoo News

මෝදිගේ උපන් ගම වන ගුජරාට ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම ආශ්‍රමය ‘සත්‍යග්‍රහ ආශ්‍රමය‘ යනුවෙන් ද හැඳින්වේ.

ට්‍රම්ප් සමග ඔහුගේ මංගල ඉන්දියානු සංචාරය සඳහා බිරිඳ වන මලානියා ට්‍රම්ප්ද, දියණිය ඉවන්කා ට්‍රම්ප්ද, බෑණා වන ජරෙඩ් කුෂ්නර් ද එක්ව සිටිති.

ට්‍රම්ප් ඉන්දියානු ජනතාව අමතයි

අද දහවල් මෝදි මෙන්ම ට්‍රම්ප් ද මොටෙරා ක්‍රීඩාංගනයේදී ඉන්දීය ජනතාව ඇමතීමට නියමිත ය. ලක්ෂයකට අධික ජනකායක් මේ අවස්ථාව සඳහා සහභාගි වනු ඇතැයි වාර්තා වේ. මෙම උත්සවය නම් කර ඇත්තේ ‘නමස්තේ ට්‍රම්ප්‘ යනුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි