×

මිහිමව මරා දමන ඝාතකයන් 100 දෙනොගේ නම් සහ ලිපිනයන්

“පෘථිවිය මිය නොයයි, කවුරුන් හෝ විසින් එය මරා දමනු ලැබේ. පෘථිවි ඝාතකයන්ට නම් සහ ලිපිනයන් ඇත.” -උටා ෆිලිප්ස්


දේශ ගුණික විපර්යාස සදහා තුඩු දෙන කරුණු වලට වග කිව යුත්තන් ලෙස බොහෝ විට ඇගිල්ල දික් වන්නේ සාමාන්‍ය ජන ජීවිත ගත කරන සිවිල් වැසියන්ටය පොලිතින් , ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වන්නටත් ශාක රෝපණයටත් මුල් වෙමින් පරිසරය රැක ගැනීමේ කාර්ය භාරය හිමි වන්නේද ඔවුන්ටය … නමුත් ලෝකයට බොහෝ විට අමතකව ගිය වැදදගත්ම යමක් ඇත. 1988 වසරේ සිටම ලෝකයේ හරිතා ගාර වායු විමෝචනයෙන් 70%කට වඩා වග කිව යුත්තන් සිටින්නේ සිය දෙනෙකු පමණක් යැයි කිවහෝත් ඔබ ඊට එකග වන්නේද. ලෝකයේ හරිතාගාර වායු විමෝචනයෙන් 70% කට වඩා වගකිව යුත්තේ ප්‍රධාන පෙළේ සමාගම් 100ක් පමණි. එනම් පරිසර විනාශය කෙරේ ලොව බිලියන 7.5 ක ලෝක වාසීන්ගේ කෝපයට බදුන් විය යුත්තේ මේ සමාගම් 100 වන්නේය.

සමස්ත මානව වර්ගයාද සහභාගී කරවමින් ඔවුහු ආර්ථික වශයෙන් ඉතා ඉදිරියෙන් සිටින්නන්ය. ඔවුන් විසින ලොව ඛණිජ නිධි අතරින් බහුතරයක් පාලනය කරනු ලබයි. ඉතිරිව ඇති පොසිල ඉන්ධන , ගෑස්, ගල් අඟුරු, සම්පූර්ණයෙන්ම සූරා කෑමේ ්්අයිතිය හිමි කර ගෙන සිටින්නේද ඔවුන් විසිනි.

චීනයේ බීජිං, ඇමරිකාවේ හුස්ටන් නගරය මිහිතලය මරා දැමීමට මුල් වන මෙකී සමාගාම් 100 අතරේ මූලිකයෝ වෙති. ඉන්දුනීසියාවේ ජකර්තා, කැනඩා වේ කැල්ගරි, රුසියාවේ මොස්කවු, චීනයේ බීජිං යන නගරද මෙම සමාගම් වලට නිවහන වී ඇත. මෙම ලැයිස්තුවේ පොහොසත්ම සමගමේ හිමිකරු රුසියාවේ ඔයිල් මැග්නට් හී හිමිකරු වජිට් ඇලෙක්පෙරොව් ය. ඔහු සතු වත්කම ඩොලර් බිලියන 20.7කි.

 

සමස්ත ලෝ වැසියන් ගේ පාරිභෝගික රටාව වෙනස් කිරීමෙන් පමණක් දේශ ගුණික විපර්යාස හෝ මිහිතලයේ විනාශය නවතාලිය හැකි වනු ඇතැයි යන මිත්‍යාව වෙනස් කිරීමට මෙම දත්ත ඉවහල් වනු ඇත.
අප අපේ එදිනෙදා පාරිභෝගික රටාව වෙනස් කළත් නැතත්, අප භාවිත කරන දෑ ප්‍රතිචක්‍රීකරනය කළත් නැතත් මෙකී සමාගම් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් වෙනස් නොකළහොත් මිහි තලය මිය යන මෙහොත වැඩි ඈතක නැත.

1988 සිට ගෝලීය කාර්මික විමෝචනයන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් දේශගුණික විපර්යාස පිළිබඳ පිහිටුවන ලද අන්තර් රාජ්‍ය මණ්ඩලයට අයත් රජයන් සතු ආයතන සහ සාමූහික මණ්ඩල 25ක් මෙම වාර්තව මගින් හදුනා ගෙන ඇත.

මිහිතලය මරා දමන සමාගම් 100

මේ අතර එක්සොන් මොබිල්, ෂෙල්, බීපී සහ ෂෙව්රොන් 1988 සිට ඉහළම විමෝචන සමාගම් අතරට හඳුනාගෙන තිබේ. මෙකී ආයතන ඉදිරි වසර 28 තුළ එකම අනුපාතයකින් පොසිල ඉන්ධන නිස්සාරණය කරන්නේ නම්, මෙම ශතවර්ෂය අවසන් වන විට සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 කින් ඉහළ යනු ඇත. මේ හේතුවෙන් සැලකිය යුතු ජෛව විශේෂ වඳ වී යාම සහ ගෝලීය ආහාර හිඟ අවදානම් ඇතුළු විනාශකාරී ප්‍රතිවිපාක ඇති වීම කිසිවෙකුටත් නවත්වාලිය නොහැකි වනු ඇත.

එසේ වුවද 2015 කාබන් ට්‍රැකර් අධ්‍ය්‍යනය මගින් හෙළි වූයේ පොස්ල ඉන්ධන සමාගම් ඉදිරි දශකය තුළ ගල් අඟුරු, තෙල් හා ගෑස් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා ඩොලර් ටොන් දෙකකට වඩා නාස්ති කිරීමේ අවධානමක් ඇති බවයි. නමුත්
දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග හමුවේ ඔවුන්ගේ එම ක්‍රියා නිෂ්ඵල වී යෑම පිළබදව අපේක්ෂාවක් ද පවතී.

දේශ ගුණික විපර්යාස කෙරේ වගකීම පැටවෙන සමාගම් 100ට ප්‍රතිවිරුද්ධ දීශාවට ගමන් ගන්නා ඇපල්, ෆේස්බුක්, ගූගල්, අයිකියා, ඇතුළු සමාගම්ද 100ක් වේ. වොල්වෝ සමාගම පසු ගියදා ප්‍රකාශ කලේ 2019න් පසු සිය සමාගම නිපදවන සියළු මෝටර් රථ විදුලි හෝ දෙමුහුන් වාහන වනු ඇති බවයි.

මිහිතලය මරා දමන ඇමරිකානු සමාගම්

මිහිතලය මරා දමන යුරෝපීය සමාගම්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි