×

අලි,ඇතුන්, ජිරාෆ් ඇතුළු වන සතුන් 1000 ක් වෙන්දේසි කරන්නට නැමීබියාව සැරසෙයි

නැමීබියාව යනු සුන්දර වනාන්තර මෙන්ම වන සතුන්ගේද රජදහනක්ව පැවති රාජ්‍යයක් වුවත් අද වන විට එහි ඉරණම අතිශයින් වේදනාබරය. කාලයක් තිස්සේ පවතින නියඟය විසින් ඔවුන්ට මෙකී ඉරණම උදාකර ඇත.


නැමීබියාවේ වනානන්තර කිහිපයකම ජීවත් වන වන අලි ඇතුන් ඇතුලු වන සතුන් 1000කට ආසන්න ප්‍රමාණයක් වෙන්දේසි කරන්නට තීරණය කර ඇත. ඔවුන් මෙමගිනු ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් ඉපැයීමට අපේක්ෂා කරන අතර මෙසේ වන සතුන් විකුණා දැමීමට තීරණය කර ඇත්තේ ඔවුන්ගේද යහපත වෙනුවෙනි.

පසුගිය කාලය පුරා පැවති අධික නියගය හේතුවෙන් නැම්බියාව මේ වන විට මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයට එරට ජනතාවට මෙන්ම වන සතුන්ටද අයහපත් ලෙස බලපෑම් කරමින් සිටීම මෙසේ සතුන් විකුණා දැමීමේ ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත. එරට බලධාරීන් පවසන්නේ සතුන් එසේ නියගයට හසුවූ වනාන්තර වලින් පිටමං නොකළ හොත් ඔවන්ගේ ජීවිත අනතුරේ බවයි.

මෙසේ කිරීමෙන් නියගය හේතුවෙන් මිය යන් වන සතුන් සංඛ්‍යාව අවම වනු ඇති බවට ඔවුන් අපේක්ෂා කරයි.

පසුගිය මැයි මාසය ජාතික ආපදා කාලයක් ලෙස නැමීබියානු රජය විසින් නම් කරන ලද අතර දකුණු අප්‍රිකානු ජාතික කාලගුණික පර්යේෂණ සේවය පවසන්නේ නැම්බියාවේ ඇතැම් පළාත් වසර 90ක් තුළ මෙතෙක් නොපැවති ආකාරයේ මාරාන්තික නියගයකට මුහුණ දෙනු ඇති බවයි. මෙම තත්ත්වය මත වනගත සතුන් විශාල සංඛ්‍යාවක් මිය යනු ඇති බවට අනුමාන කෙරේ.
පසුගිය අප්‍රේල් මස එරට කෘෂිකර්මාන්ත අමාත්‍යාංහ විසින් නිකුත් කළ වාර්ථාවට අනුව 2018 වසරේදී පමණක් නියගය හේතුවෙන් නැමීබියාවේ මිය ගිය සත්වයින් ප්‍රමාණය 63700කි.

මෙම පසුබිම මත තම රජය විසින් නැමීබියාවට අයත් වන සතුන් 1000කට ආසන්න ප්‍රමාණයක් විකුණා දැමීමට තීරණය කළ බව නැමීබියා පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී, මෙම සතුන් අතරට නීරෝගී මීහරක් 600ක් springbok මුවන් 150ක් ගෝනුන් 65 දෙනෙක්, ජිරාෆ් 60 දෙනෙක් ඉලෑන්ඩ් සතුන් 35 දෙනෙකු, ඇතුන් 28ක්, ඉම්පාලා 20ක්, කුඩුස් මුවන් 16ක් අයත් වේ. මේ සියල්ලන්ම ජාතික උද්‍යාන වල ජීවත් වූ සතුන්ය.

මෙම සතුන් විකිණීමෙන් නැමීබියාව ඉපැයීමට බලාපොරොත්තු වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක් වේ. එම මුදල් ඔවුන් විසින් වන සතුන්ගේ හා පරිසරය සුරක්ෂිත කිරීම උදෙසා යොදවනු ඇත.

සතුන් වෙන්දේසිය පිළිබදව දැනුම් දීම එරට දේශීය පුවත් පත්වල පල පසු ගිය සිකුරාදා සිට පල කෙරෙන ලදී. මිලියන 2.4ක ජනගහණයක් සිටින නැමීබියාවේ ජනගහණයෙන් 500000පමණ ජායා මේ වන විට නියගයට ගොදුරු වී සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි