×

රුසියාවේ සෙබළුන් දඩයමට විරුද්ධව පෙලෝසි හඬ නගයි!

මීට ඉහතදී ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු සෙබළුන් ඝාතනය කිරීමට රුසියාව විසින් තලෙයිබාන් සංවිධානයට මුදල් ගෙවූ බවට වාර්තා පලවී තිබිණි.


එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායිකා නැනසි පෙලෝසි මහත්මිය ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු සෙබළුන් ඝාතනය කිරීමට රුසියාව සම්බන්ධ බවට පළවූ වාර්තා වලට ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව ඈ අවධාරණය කළේ රුසියාවට සම්බාධක පැනවීමට ඇමරිකාව වහා කටයුතු කළ යුතු බවයි.

මීට ඉහතදී ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු සෙබළුන් ඝාතනය කිරීමට රුසියාව විසින් තලෙයිබාන් සංවිධානයට මුදල් ගෙවූ බවට වාර්තා පලවී තිබිණි.

මේ පිළිබඳව ඊයේ (01) දින ධවල මන්දිරයේ ආරක්ෂක උපදේශක රොබර්ට් ඕ’ බ්‍රයන් මහතා නිකුත් කළ නිවේදනයකින් තහවුරු කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි