×

බැල්ටිමෝරයේ සිංහයා – 8 කොටස

හැඩිදැඩි වහල් හිමියගේ පුහු ආඩම්බරය බිඳ දමන එකම මග ෆ්‍රෙඩ්රික් සොයාගත්තේය. ඔහුට තවදුරටත් බියසුල්ලෙකු මෙන් කරබාගෙන සිටීමට නොහැකි විය. අද එතැන් සිට...


එම රාත්‍රිය ෆ්‍රෙඩ්රික් ගත කළේ ඔහු සමග ම කොවේ වෙත හඳුන්වාදුන් සැන්ඩි ජෙන්කින්ස් නමැති වහලෙකු සමග ය. කොවේ ගේ නිවසේ සිට සැතපුම් හතරක් පමණ දුරින් ජීවත්වූ නිදහස් භාර්යාවක් සැන්ඩි හට විය. එදින සෙනසුරාදාවක් වූ හෙයින් සැන්ඩි සිටියේ ඇය බැලීමට යමිනි. ෆ්‍රෙඞ්රික් තමන් මුහුණ දී සිටි තත්වය ඔහුට කී විට සැන්ඩි ඉතා කරුණාවෙන් යුතුව ෆ්‍රෙඩ්රික් හට ඔහුගේ නිවසට ආරාධනා කළේය. ෆ්‍රෙඩ්රික් ඔහුගේ නිවසේදී තම කතාන්දරය ඔහුට කී අතර කළ යුතු හොඳම දෙය කුමක්දැයි සැන්ඩිගෙන් උපදෙස් පතා සිටියේය. සැන්ඩි පරිණත උපදේශකයෙකු බඳු විය. ඔහු ෆ්‍රෙඩ්රික් හට මහත් සංවේගයෙන් යුතු ව ලබාදුන් උපදේශය වූයේ, ෆ්‍රෙඞ්රික් නැවත කොවේ වෙත යා යුතු බවයි.

ෆ්‍රෙඩ්රික් වහල් හිමියාට පහර දෙයි.

ආපසු යන විට කොවේ නැවතත් ෆ්‍රෙඩ්රික් හට පහර දෙන්නට මග බලාගෙන සිටියේය. මේ මොහොතේ, කොහෙන් ලැබුණාදැයි නොදන්නා ධෛර්යයකින් යුතු ව ෆ්‍රෙඞ්රික් තීරණය කළේ සටන් කරන්නට ය.

ආපසු එන ෆ්‍රෙඩ්රික්ට පහර දෙන්නට වහල් හිමියා සැරසී සිටියේය.

එම විසඳුම ට සරිලන සේ ෆ්‍රෙඩ්රික්, කොවේ ගේ උගුරු දණ්ඩෙන් ඔහු ව අල්ලා ගත්තේය. එවිට කොවේ නැගිටවුණි. දැන් ෆ්‍රෙඩ්රික් විසින් කොවේ ගේ බෙලි දණ්ඩ ද කොව් විසින් ෆ්‍රෙඩ්රික් ගේ බෙලි දණ්ඩද ග්‍රහණය කර ගෙන සිටිති.

ෆ්‍රෙඩ්රික්ගේ විරෝධය පෑම, කොවේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක් වූයෙන් ඔහු මුළුමනින්ම පසුබා ගොස් සිටියේය. කොවේ දල්ලක් මෙන් වෙව්ළන්නට පටන් ගත්තේය. මෙය ෆ්‍රෙඩ්රික් හට අවශ්‍ය ව තිබූ සහතිකය ලබාදුන් අතර, ෆ්‍රෙඩ්රික් තවදුරටත් ග්‍රහණය දැඩි කරමින් කොවේ ව අල්ලාගෙන සිටියේ සිය අතැඟිලිවලින් අල්ලාගෙන සිටින තැන්වලින් රුධිරය වහනය වීම ට පටන් ගන්වමිනි.

Glogster
Glogster

කොවේ හියුගෙන් උදව් ඉල්ලා කෑ ගැසුවේය. හියු පැමිණියේය. කොවේ විසින් ෆ්‍රෙඩ්රික් ව අල්ලාගෙන සිටින අතරතුර ෆ්‍රෙඩ්රික්ගේ දකුණු අත ගැටගසන්නට උත්සාහ කළේය. කල්බැලූ ෆ්‍රෙඩ්රික්, නියම වේලාවක් බලා හියුගේ ඉළඇට කූඩුවට යටින් ස්ථානයකට පා පහරක් දුන්නේය. මේ පා පහර විසින් හියු මහත් සේ අබලන් වූයේ ෆ්‍රෙඩ්රික් හට දෑතින් ම කොවේ ව නැවත ග්‍රහණයට ගන්නට ඉඩ සලසා දෙමිනි. මේ පා පහර හියුස් ව දුර්වල කිරීම සඳහා පමණක් නොව කොවේ වෙත ද බලපෑවේය. හියු වේදනාවෙන් නැමී සිටිනු දුටු විට කොවේ ගේ ධෛර්යය සිඳී ගියේය. ඔවුහු පැය දෙකක පමණ කාලයක් මෙසේ පොර ඇල්ලූහ.

මේ පොරබැදීමේ බලපෑම විශ්වාස කළ නොහැකි තරම් විය. වහලෙකුගෙන් ගුටි කෑම නිසා ලැජ්ජාවට පත් කොවේ හට මේ සිදුවීම කිසිවෙකු සමග පැවසිය නොහැකි විය. එයින් පසු කොවේ සමග ගත කළ සම්පූර්ණ මාස හය තුළ ම කොවේ ෆ්‍රෙඩ්රික් ගේ සිරුර ට කෝපයෙන් ඇඟිල්ලක් හෝ තැබුවේ නැත.

මේ සිදුවීම, පිරිමිකමෙන් යුතුව මේ දෙස බැලීමට මෙය ඔහුට මග පාදා දුන්නේය. ඔහුගෙන් ඉවත් ව ගොස් තිබූ ආත්ම විශ්වාසය එය විසින් නැවත කැඳවාලීය. නිදහස වෙත අධිෂ්ඨානශීලී වීමට එමගින් ඔහු ට පෙළඹවීමක් ඇති විය. විජයග්‍රහණය විසින් ප්‍රදානය කළ පාරිතෝෂිකය, අවසානයේ අත්වන්නේ මරණය වුවත් ඒ වෙත යාම පිණිස වූ පූර්ණ දිරිගැන්වීමක් විය. එය වහල් භාවයේ මිනී වළෙන් නිදහසේ දෙව්ලොව වෙත සිදුවූ උජ්වලිත පුනරුත්පත්තියක් විය. බොහෝ කලකට පෙර සිඳී බිඳී ගොස් තිබූ ෆ්‍රෙඩ්රික්ගේ දිරිය නැවත නැගී සිටියේය. බියසුලු බව පහවී ගියේය. ඒ වෙනුවට වහල්භාවයට එරෙහි ප්‍රබල විරෝධය ඔහුගේ ආත්මයේ අරක් ගත්තේය. දැන් ඔහු නිරාකරණය කරගෙන තිබෙන පරිදි, වහල් භාවයේ තව කොපමණ කලක් ඔහුට සිටීමට සිදුවුවත්, වහලෙකු ව සිටි දවස් දැන් නියත වශයෙන් ම ගෙවී ගොස් තිබේ.

මෙයින් පසු තව සිව් වසරක් ඔහු වහලෙකු ලෙසම ජීවත්වුවත්, කස පහර යැයි කිවහැකි දණ්ඩනයකට කිසිදින යටත් නොවීය. ඔහු දබර ගණනාවක් ද ඇති කර ගත් නමුත් කිසිවිටෙක කස පහර නොකෑවේය.

1834 ජනවාරි පළමුවැනිදා ෆ්‍රෙඞ්රික් කොවේ මහතාගෙන් සමුගෙන විලියම් ෆ්‍රීලන්ඩ් මහතා සමග ජීවත්වීමට ගියේය. විලියම් මහතා විසූයේ ශාන්ත මිෂෙල්ස් හි සිට සැතපුම් කිහිපයක් එපිටිනි. ඔහු ඉක්මනින් සොයාගත්තේ විලියම් ෆ්‍රීලන්ඞ්, කොවේ ට වඩා අතිශයින් වෙනස් අයෙකු වන බවයි. ධනවත් නොවූවද ඔහු ව දකුණු දිග උගතෙකු ලෙස හැඳින්විය හැකි විය. ඔහු, කොවේ මහතා මෙන්ම වහලුන්ට ඇති තරම් කන්නට දුන්නේය. නමුත් කොවේ මහතා මෙන් නොව , ඒවා ආහාරයට ගැනීම සඳහා ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ද ලබාදුන්නේය. ෆ්‍රීලන්ඞ් මහතා ඔවුන්ගෙන් බර වැඩ ගත් නමුත් ඒ, හිරු උදාවේ සිට හිරු බැස යන තෙක් පමණි. වහලුන් විශාල වැඩ කොටසක් කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූ නමුත් හැමවිටෙකම ඒ සඳහා උපකරණ හා මෙවලම් ද ලබාදුන්නේය. ඔහුගේ ගොවිපොළ විශාල එකක් වූ නමුත් අසල්වාසීන් ට සාපේක්ෂ ව ඔහු එහි පහසුවෙන් වැඩකිරීම සඳහා ඇති තරම් ශ්‍රමය යොදාගත්තේය. එහි වැඩකළ කාලය තුළ එඞ්වඞ් කොවේ මහතා යටතේ සිටියදී ලද සැලකීම්වලට සාපේක්ෂ ව විලියම් මහතා විසින් ෆ්‍රෙඩ්රික් හට සැලකූ අයුරු දිව්‍යමය විය.

ෆ්‍රෙඩ්රික් මහතා ද වහල් හිමියෙකු විය. නමුත් ඔහු සන්තකයේ වූයේ වහලුන් දෙදෙනෙකු පමණි. ඔවුන්ගේ නම් හෙන්රි හැරිස් සහ ජෝන් හැරිස් විය. සෙසු වහලුන් ඔහු විසින් කුළියට ගත් අය ය. ඔවුන් වූයේ ෆ්‍රෙඩ්රික්, ජෝන් සහ ෆ්‍රෙඩ්රික් කොවේ මහතාගෙන් කස පහර කෑම වළක්වා ගැනීමට මග පෑදූ හෙන්රි ය.

මීළඟ කොටසින් : ෆ්‍රෙඩ්රික් සබත් පාසලක් අරඹා අකුරු කියා දීම පටන් ගනියි.

පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි