×

නාසා සිය සමස්ත සන්නිවේදන පුස්තකාලය කතෘ හිමිකමෙන් නිදහස් ඕනෑම අයෙකුට භාවිත කළ හැකි පරිදි ජනසතු කරයි

ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔබ කළ යුත්තේ ඒ සදහා වන වෙබ් අඩවිය තුළ ඔබට අවශ්‍ය කුමක්ද යන්න සදහන් කිරීමය. එය සැබෑම අන්තර්ජාල වෙබ් පුස්තකාලයකි


ඔබ කවුරු වුවත් අභ්‍යවකාශයේ ජායාරූප ගැනීමට ඒවා නැරඹීමට අධ්‍යයනය කිරීමට ඔබ කැමතිනම් නාසා ආයතනයෙන් ඔබට ත්‍යාගයක් ඇත. ඒ නාසා විසින් තමන් සතු සමස්ත දැනුම් සම්භාරය එනම් සියළු ඡායාරූප, ශබ්ද, හඩ පට, විඩියෝ සියල්ල ඕනෑම අයෙක්ට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත. ඒ සදහා ඔබට

https://images.nasa.gov/#/

වෙබ් ලිපිනය භාවිත කළ හැකිවේ.

ඔවුන්ගේ මෙම පුස්තකාලය තුළ ඇති අභ්‍යවකාශයට අයත් ඡායාරූප සංඛ්‍යාව 140000කි. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ කිසිදු කතෘ අයිතිවාසිකමකින් තොරව ඒවා භාගත කිරීමේ අවස්ථාවද ලබා දෙන්නට නාසි ආයතනය විසින් පියවර ගෙන ඇත.

ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔබ කළ යුත්තේ ඒ සදහා වන වෙබ් අඩවිය තුළ ඔබට අවශ්‍ය කුමකුද යන්න සදහන් කිරීමය. එය සැබෑම අන්තර්ජාල වෙබ් අඩවියකි.
අජටාකාශ ගාමීන්ගේ විස්තර සහ ඡායාරූප, රොකට්, අභ්‍යවකාශ යානා, අභ්‍යවාකාශ ගත කිරීම පිළිබද තොරතුරු නාසා මගින් සිදු කළ සියළු ක්‍රියාකාරකම්, සහ තවත් රසවත් විස්තර ලබා ගත හැකි වේ.

නාසා අන්තර්ජාල පුස්තකාලය භාවිත කිරීමේ තවත් රසවත් කරුණක් වන්නේ ලබා ගන්නා සියළු ඡායාරූප වලට අයත් EXIF දත්තයන්ද ඒත් සමග ලබා ගත හැකි වීමයි. අභ්‍යාවකාශ දත්ත පිළිබද උනන්දු වන්නෙකුට එම දත්ත බෙහෙවින් ප්‍රයෝජනවත්ය.
වර්ෂ අනුපිළිවලින් දත්ත ලබා ගැනීමේ පහසුකමද ලබා දී ඇත. නාසා මේ ගෙන ඇති උත්සහයෙන් උස් පහත් ලොකු කුඩා හො කිසිදු භේදයකින් තොරව ඕනෑම අයෙකුට නාසා ආයතනය හිමිව තිබූ ශ්‍රව්‍ය හා දෘෂ්‍ය අන්තර්ගතයන්ද ඇතුළු දත්ත රැසක් ලබා ගත හැකි වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි