×

2019 වසර ඉතිහාසයේ වාර්තා ගත දෙවනතම උණුසුම් වසරයි! 

ගතවූ වර්ෂය තුළ මිනිස් ක්‍රියාකාරකම් මත ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවන වායු විමෝචන ක්‍රියා වැඩිවී තිබෙන අතර, දේශගුණික ගැටළුව විසඳීම සඳහා යොදන ජාත්‍යන්තර ප්‍රයන්ත අසාර්ථක වී ඇති සැටියක් පෙනෙන්නට තිබේ.


නාසා ආයතනය හා නොවා ආයතනය එක්ව විශේෂ හෙලිදරව්වක් කොට තිබේ.

ඒ අනුව 2019 යනු ඉතිහාසයේ වාර්තා ගත දෙවනතම උණුසුම් වර්ෂය බවට ඔවුන් හෙලි කොට තිබේ.

ඒ අනුව ගතවූ දශකය ඉතිහාසයේ වාර්තාගත උණුසුම් ම දශකය බවද ඔවුහු සැලකර සිටිති.

ගෝලීය උණුසුම ඉහළ යාම තීව්‍ර වී තිබෙන්නේ පොසිල ඉන්ධන දහනය කිරීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් වැඩිවීම තුළිනි.

මෙමඟින් මුදා හැරෙන අහිතකර වායු තුළින් වායුගෝලය උණුසුම් වීම අඛණ්ඩව සිදු වන බවට ගෝලීය දේශගුණික තක්සේරු වාර්තා පෙන්වා දෙයි.

ගතවූ වර්ෂය තුළ මිනිස් ක්‍රියාකාරකම් මත ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවන වායු විමෝචන ක්‍රියා වැඩිවී තිබෙන අතර, දේශගුණික ගැටළුව විසඳීම සඳහා යොදන ජාත්‍යන්තර ප්‍රයන්ත අසාර්ථක වී ඇති සැටියක් පෙනෙන්නට තිබේ.

නාසා ආයතනයට අනුබද්ධ ගොඩර්ඩ් ආයතනයේ අධ්‍යක්ෂක පවසා සිටි අන්දමට ගතවූ වසර තුළ තවදුරටත් උෂ්ණත්වය ඉහළ යාම තුළින් අඛණ්ඩ හරිතාගාර වායු විමෝචන ක්‍රියාවලීන් තුළ ස්වභාවික සමතුලිතතාව බිඳ වැටී තිබෙන බවට පසක් වේ.

මෙම ඛේදවාචකය පසුපස තිබෙන්නේ හුදෙක් කාලගුණ විපර්යාසයක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

මීට අමතරව, නෝවා ආයතනය මඟින් සිදුකළ දෘෂ්‍යකරණ (visualization) පර්යේෂණයකින් හෙලිවී තිබෙන්නේ පෘථිවි ගෝලයේ බොහෝ කලාප වල උෂ්ණත්වය අසාමාන්‍ය අන්දමින් ඉහළ ගොස් ඇති බවයි.

එය ගතවූ දශකය තුළ වාර්තා වී ඇති ඉහළතම ගෝලීය උෂ්ණත්වය බවද එය පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා බෙහිවින් වැඩි බවද එම පර්යේෂණය හෙලිදරව් කර සිටියි.

2019 වර්ෂයේදී පෘථිවි උෂ්ණත්වය 1951 – 1980 දක්වා පැවති උෂ්ණත්ව මධ්‍යයන අගයට වඩා ෆැරන්හයිට් අංශක 1.8 කින් ඉහළ ගොස් තිබේ.

වාර්තාගත ඉහළතම උෂ්ණත්වය පසුගිය 2016 වර්ෂයේදී වාර්තා වූ අතර, ඊට වඩා මඳක් අඩු උෂ්ණත්වයක් 2019 වර්ෂයෙන් වාර්තා වී තිබේ.

නාසා හෙලිදරව්වේ විශේෂත්වය වන්නේ එය යුරෝපා සංගමයේ දේශගුණික නිරීක්ෂක සේවාව විසින් මෑතකදී නිකුත් කළ වාර්තාව සමඟ මනාව ගැළපීමයි.

ඒ අනුව, 2019 යනු ඉතිහාසයේ වාර්තා ගත දෙවනතම උණුසුම් වසර බවට තහවුරු වී තිබේ.

ගතවූ දෙසැම්බර් මාසය තුළ ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව්ගිනි එරට පැවති අධික නියං තත්ත්වය මට හට ගත් බව නොරහසකි.

එරට කාලගුණ විද්‍යා කාර්යංශයේ තොරතුරු අනුව 2019 යන් ඕස්ට්‍රේලියාවේ වාර්තා ගත උණුසුම්ම හා වියලිතම වර්ෂයයි.

ලොවක් හැටියට අප අසමත්!

පසුගිය ග්‍රීෂ්ම සෘතුව තුළ යුරෝපයේ බොහෝ කලාප මෙම උවදුරට ලක්වී තිබිණි.

ඇලස්කාවේ, ජූලි මස තුළ උෂ්ණත්වය අංශක 90 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙය ආක්ටික් ප්‍රදේශයේ වාර්තා වූ පෙර නොවූ විරූ උෂ්ණත්ව විපර්යාසයකි.

නාසා – නෝවා වාර්තා වලින් පෙනී යන වැදගත්ම කරුණ වනුයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය දැන් සෙල්සියස් අංශක 1 ට වඩා ඉහළ ගොස් ඇති බවයි.

එමඟින් පෘථිවිය සෙල්සියස් අංශක 1.5 ක උනුසුම් වීමේ සීමාවට ආසන්න වී ඇති බවට අනාවරණය වී තිබේ.

මානව ක්‍රියාකාරකම් මත තාප විමෝචන ක්‍රියාවලි අවම කර ගැනීමට ගොලීය වශයෙන් අප අපොහොසත් වී ඇති බව මින් පෙනී යයි.

මෙමඟින් අනතුරේ දමන්නේ මිලියන ගණනකගේ ජීවිත බවට අපට නොවැටහීම සැබවින්ම ඛේදවාචකයකි.

ගංවතුර, ලැව්ගිනි හා නියං තත්ත්ව තුළ ජනතාව පීඩා විඳින අන්දම හා ආහාර වල හිඟයක් ඇතිවීම දැන් හුදෙක් රටකට පමණක් සීමා නොවී ගෝලීය වශයෙන් ආමන්ත්‍රණය කිරීමේ කාලය දැන් එළඹ තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි