×

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් බ්‍රහස්පති ග්‍රහයාගේ පෙර නොවූ විරූ දසුන් හෙළිදරවු කෙරේ.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක තාරකා විද්‍යාඥ Imke de Pater මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබු‌ණේ බ්‍රහස්පති ග්‍රහයා කිසි දිනක මෙලෙස දැක නැති බවයි.


ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පතිගේ පෙර නොවූ විරූ දසුන් පෙන්වන ඡායාරූප නිකුත් කර ඇත.

බ්‍රහස්පති ග්‍රහයාගේ උතුරු සහ දකුණු ආලෝකයන් සහ යෝධ කුණාටු, චන්ද්‍ර සහ වළලු විස්තරාත්මකව මෙම ඡායාරූපවලින් නිරූපනය වේ. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක තාරකා විද්‍යාඥ Imke de Pater මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබු‌ණේ බ්‍රහස්පති ග්‍රහයා කිසි දිනක මෙලෙස දැක නැති බවයි.


මෙම ඡායා රූප වල පෘථිවිය ගිල දැමිය හැකි තරම් විශාල ප්‍රසිද්ධ කුණාටුවක් වන මහා රතු ලපය සුදු පැහැයෙන් දිස් වන අතර එයට හේතුව එය හිරු එළිය විශාල ලෙස පරාවර්තනය වීමයි.

ලොව නවතම සහ විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ හවුල්කරුවන් සමඟ එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර මෙහෙයුමකි. මෙය දැනට පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් (කිලෝමීටර් මිලියන 1.6) පමණ ස්ථානගත කර ඇති බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි