×

කොවිඩ් එන්නතට අනුමැතිය ලැබී දිනක් තුළ ඉන්දියාව පෙරහුරු අරඹයි

එන්නත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය සේවකයින් 96,000 ක් පුහුණුවේ.


ලොව විශාලම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සදහා ඉන්දියාව අද වන විට රට පුරා පෙරහුරු අභ්‍යාසයන් ආරම්භ කරන ලදී. ඒ
කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් හදිසි භාවිතය සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දීය ඖෂධ නියාමන මණ්ඩලය විසින් අනුමත කර හරියටම දිනක් ගත වෙද්දීය.  කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධව අද පැවති මෙම පෙරහුරු අභ්‍යාසය සිදු කරන ලද්දේ රට පුරා එන්නත ලබා දීමට නියමිත සෞඛ්‍ය මධ්‍යස්ථාන වලදී සෞඛ්‍ය සේවකයින් මුල්කරගනිමිනි.

මේ පිළිබදව අදහස් දැක්වූ එරට සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ වර්ධන් කියා සිටින්නේ මෙසේ පෙර පුහුණුව කොවිඩ් එන්නත පිළිබද විශේෂඥ දැනුම වර්ධනය කර ගැනීමට උපකාර වනු ඇති බවයි. එමෙන්ම කොවිඩ් එන්නත ලබා ගැනීම පිළිබදව ජනතාව තුළ ඇති සැක සංකා බිද හෙළිමටද මෙමගින් අපේක්ෂා කරන බව ඔහු පවසා සිටියි. ඉන් පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් හදුන්වා දුන් ඇස්ට්‍රා සෙනෙකා එන්තත ඉන්දීය වැසියන් සදහා රජය කටයුතු කරනු ඇත. ඉන්දීය තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදනය පිළබද අමාත්‍ය  ප්‍රකාශ් ජාවඩෙකාර්ටෝල්ඩ් පවසන්නේ මීට අමතරව අවම වශයෙන් තවත් එන්නත් තුනක් සදහා රජයේ අනුමැතිය ලබා දීමට ඉන්දීය රජය සූදානමින් සිටින බවයි. ඒ අතර භාරත් බයෝට් කොවැක්සින්, සයිඩස් කැඩිලා ආයතනය හදුන්වා දුන් සයිකොව්-ඩී සහ රුසියාවේ ස්පුට්නික්-වී සදහා විශේෂ අවධානය යොමු වී ඇත. මේතු සමග තොවිඩ් මර්ධනය සදහා එන්නත් හතරක් භාවිතයට සරසෙන එකම රට ඉන්දියාව විය හැකි බවට ඔහු පවසා සිටියි.

ලෝකයේ දෙවන විශාලතම වසංගත රෝගීන් සංඛ්‍යාව වන මිලියන 10.2 කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින ඉන්දියාව, 2021 වසරේ මැද භාගය වන විට සිය බිලියන 1.3 ක ජනගහනයෙන් මිලියන 300 ක් සදහා එන්නත ලබා දීමේ ඉලක්කයක් පසු කිරීමේ අභිලාෂයෙන් සිටියි.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ Serum Institute  මේ වන විටත් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා හි කෝවිෂීල්ඩ් මාත්‍රාව මිලියන ගණනක් ගබඩා කර ඇති අතර එන්නත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය සේවකයින් 96,000 ක් පුහුණු කරමින් සිටී.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව අනුව ඇමරිකා එක්සත් ජනපදයට පමණක් දෙවැනි වන ඉන්දියාවේ ආසාදන අනුපාතය සැප්තැම්බර් මස මැද භාගයේ සිට දිනකට 90,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් දක්වා ඉහළයමින් පවතී.

මේ අතර එක්සත් රාජධානිය සහ ආර්ජන්ටිනාව මෙම සතිය තුළ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සදහා සිය රාජ්‍ය්‍යන් තුළ අනුමැතිය ලබා දුන් අතර ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රහස්පතින්දා ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත සඳහා හදිසි වලංගු භාවයක් ලබා දුන්නේය.

සාමාන්‍ය ශීතකරණය යටතේ ගබඩා කර ප්‍රවාහනය කළ හැකි බැවින් මෙම ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ඉන්දියාව තුළ වැඩි වශයෙන් භාවිත කරනු ඇත. මේ අනුව ඉදිරියේදී  29000කට ආසන්න සෞඛ්‍ය මධ්‍යස්ථානයන්හීදී ජනතාව වෙත ලබා දෙනු ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි