×

යුක්රේනයේ ශීත සෘතුව, අවියක් ලෙස භාවිතා කරන බවට නේටෝහි මහලේකම්ගෙන් රුසියාවට චෝදනා

ජිනීවා සම්මුතීන් යටතේ සිවිල් වැසියන්ට පහර දීම හෝ ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යුද අපරාධයක් ලෙස අර්ථ දැක්විය හැකිය.


රුමේනියානු අගනුවර වන බුකාරෙස්ට්හි ඊයේ(29)දිනයේදී විවිධ රටවල් නියෝජනය කරන නේටෝ ඇමතිවරු අමතමින්, නේටෝහි මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රුසියාවට චෝදනා කර ඇත්තේ “ශීත කාලය,රුසියාව විසින් යුද අවියක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන” බවටයි.

රුසියාව යුධ පිටියේදී දිගින් දිගටම අසාර්ථක වෙමින් පවතින බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් දැන් සිවිල් ඉලක්කවලට, නගරවලට පහර දීම අරඹා ඇති බැවින් මහලේකම්වරයා මෙහිදී සිය සාමාජික රටවලින් ඉල්ලා සිටියේ, රුසියාවේ බල ශක්ති යටිතල ව්‍යුහය නැවත යථා තත්වයට පත්කර ගැනීමට යුක්රේනයට අවශ්‍ය ආධාර ලබා දෙන ලෙසයි.

රුසියාව විසින් යුක්රේනයේ යටිතල පහසුකම් ඉලක්ක කරගෙන එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ ප්‍රධාන බලාගාර විශාල ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇත. එබැවින් මේ වන විට යුක්රේනුවන් මිලියන සංඛ්‍යාත පිරිසක් විදුලිය, ජලය නොමැතිව ශීත සෘතුවක් ගෙවමින් සිටියි. ඒ අනුව ස්ටෝල්ටන්බර්ග් කියෙව් සඳහා තවත් ආයුධ සහ බලය, තාපය යථා තත්වයට පත් කිරීමට උපකාරී වන උපකරණ ලබා දෙන බවට මෙහිදී පොරොන්දු වී ඇත.


ජිනීවා සම්මුතීන් යටතේ සිවිල් වැසියන්ට පහර දීම හෝ ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යුද අපරාධයක් ලෙස අර්ථ දැක්විය හැකි හෙයින් යුක්රේනය මාස ගණනාවක් තිස්සේ නේටෝවෙන් වඩාත් දියුණු ගුවන් ආරක්ෂක පද්ධති ඉල්ලා සිටීයි. නේටෝ විදේශ ඇමතිවරුන්ගේ දෙදින රැස්වීමට එක් වු යුක්රේනයේ විදේශ ඇමති ඩිමිට්‍රෝ කුලේබා දියුණු වේගවත් ගුවන් ආරක්ෂක පද්ධති වහාම සපයන ලෙස ඉල්ලා තිබේ.


කෙසේ නමුත් මෙම සියලුම චෝදනාවන් රුසියාව විසින් ප්‍රත්ක්ෂප කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි