×

චීනය ලෝක ආරක්ෂාවට හා ‌ලෝක සාමයට තර්ජනයක් – නේටෝ සමුළුවේදී තීන්දු කරයි !

චීනය ලෝක ආරක්ෂාවට සහ අන්තර්ජාතික සමාමයට තර්ජනයක් බව බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පැවැත්වෙන නේ‌ටෝ සමුළුවේදී තීන්දු වී තිබේ.


ඒ අනුව චීනයේ කෙමෙන් වැඩිවන බලය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බව නේටෝ නායකයන්ගේ අදහස වී ඇත.

සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත නේටෝ රටවල්, පසුගිය වසර දක්වාම කටයුතු කළේ රුසියාව කෙරෙහි කේන්ද්‍රීය අවධානයක් යොමු කරමිනි.

නමුත් 2021 නේටෝ සමුළුවේ අවසන් සන්නිවේදනය වශයෙන් ඔවුන් ලෝක ආරක්ෂාවට එල්ල වී ඇති නවතම තර්ජනය ලෙසින් හඳුනා ගන්නේ චීනයයි.

”චීනය විසින් ප්‍රකාශ කර ඇති අපේක්ෂාවන් සහ ඔවුන් පෙන්වන හැසිරීම විසින් අන්තර්ජාතික සාමය ට ක්‍රමානුකූල අභියෝග එල්ල වෙමින් තිබෙන බව’ එහි දැක්වේ.

ඒ අනුව ඔවුන් නව ඇමරිකානු පාලනයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි.

තවද ෂින්ජියැන් හි උයිගුර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය, න්‍යෂ්ටික අවි වැඩි දියුණු කිරීමේ උත්සාහයන් සහ ” වැඩි වැඩියෙන් දක්නට ලැබෙන විනිවිදභාවයේ සහ සාවද්‍ය තොරතුරු භාවිතා කිරීමේ ප්‍රවණතාවය’ ගැන ද ඔවුන්ගේ අවධානය ‌යොමු ව තිබේ.

මෙහිදී නේටෝව විසින් චීනය පිළිබඳ සිය නිගමනය දැක්වීමේදී භාවිතා කරන භාෂාව, පසුගියදා එක්සත් රාජධානියේ කෝන්වෝල් හිදී අවසන් වූ G7 සමුළුවේදී භාවිතා වූ භාෂාවට වඩා ප්‍රබල බව ද විචාකරයෝ පෙන්වා දෙති. ඒ අනුව බෙයිජිං හි වර්ධනය වෙමින් යන ආර්ථික හා මිලිටරි බලය ප්‍රජාතන්ත්‍රික රටවල් කෙරෙහි ඇති කරන බලපෑම සුළුවෙන් නොතැකිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

චීනය ඉක්මනින්ම ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වීමට නියමිත බවත්, දැනටමත් ‌ලෝකයේ දෙවැනියට විශාලතම ආරක්ෂක අයවැය සහිත රට වීමත්, විශාලතම නාවික හමුදාව සහිත රට වීමත් යන කරුණු ද මෙහිදී නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග්ගේ අවධානයට ‌යොමු විය.

1949 වසරේදී ශීතල යුද්ධයේ ආරම්භත් සමග බිහි වූ නේටෝව, සෝවියට් සංගමයට සහ මෑත කාලක් වන තෙක් රුසියාව කෙරෙහි සිය ප්‍රධාන අවධානය යොමු කර තිබූ අතර, චීනය කෙරෙහි ඔවුන් මෙසේ දැඩි අවධානයක් යොමු කරන්නේ ප්‍රථම වතාවට ය.

Photograph: Stéphanie Lecocq/AFP/Getty Image



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි