×

ඉන්දියානු නාවික හමුදාව අතරත් කොරෝනා ව්‍යාප්ත වේ!

බටහිර මුම්බායි හි ප්‍රධාන නාවික කඳවුරක කොරෝනා වෛරසය පැතිර ඇති බව ඉන්දීය ආරක්ෂක නිලධාරීන් වාර්තා කර තිබේ.


බටහිර මුම්බායි හි ප්‍රධාන නාවික කඳවුරක කොරෝනා වෛරසය පැතිර ඇති බව ඉන්දීය ආරක්ෂක නිලධාරීන් වාර්තා කර තිබේ.

බලකායේ බටහිර අණදෙන නිලධාරියාට අයත් අයිඑන්එස් ඇන්ග්‍රේහි නිලධාරීන් 21ක් දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළැදී ඇති බව නාවික හමුදාව සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. කිසිදු නෞකාවක හෝ සබ්මැරීනවල කිසිදු ආසාදනයක් නොමැති බව එහි සඳහන් වේ. පසුගිය සතියේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සිං විසින් වීඩියෝ පණිවුඩයක් මගින් නෞකාවන් සහ සබ්මැරීන වෛරසයෙන් තොරව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම දත්ත වලට අනුව ඉන්දියාවේ සක්‍රීය ආසාදිතයන් 11,906 ක් හා මරණ 480 ක් වාර්තා වී ඇත.

මෙම මස මුලදී වෛරසය ආසාදිත බව පරීක්‍ෂා කළ සොල්දාදුවෙකු සමඟ සම්බන්ධතා දැක්වූ වූ පිරිස් ගණනාවක් පරීක්‍ෂා කළ බව නාවික හමුදාව පවසයි. එහිදී වෛරසය ආසාදිත බව පරීක්‍ෂා කළ බොහෝ දෙනා රෝග ලක්ෂණ රහිත අය බව එම ප්‍රකාශයේ සඳහන් වේ. ඔවුන් සියල්ලෝම දැනට ප්‍රතිකාර ලබති.

සියලුම පුද්ගලයින් 21 දෙනා එකම නේවාසිකාගාරයක හුදෙකලා කර ඇති අතර එය ආසාදිත අනාරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර අගුලු දමා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි