×

මඟීන් 22 දෙනෙකු රැගත් නේපාල ගුවන්යානයක් අතුරුදන්!

මඟීන් 22 දෙනෙකු රැගත් නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ගුවන්යානයක් සමඟ තිබූ සම්බන්ධතා බිඳ වැටී ඇති බව එරට රජය නිවේදනය කරයි.


මෙම කුඩා ගුවන්යානය පොඛාරා සිට බටහිර නේපාලයේ ජොම්සන් දක්වා සංචාරකයන් රැගෙන පියාසර කරමින් තිබූ බව වාර්තා වේ.

Tara Air සමාගමේ 9 NAET වර්ගයේ මෙම ගුවන්යානයේ ඉන්දියානු ජාතිකයන් සිව්දෙනෙකු සහ ජපන් ජාතිකයන් තිදෙනෙකු ද සිටි බවට සඳහන්.

පාලක මැදිරිය සමඟ සම්බන්ධතාවය බිඳවැටී තිබෙන්නේ අද (29) දින පෙ.ව. 9.55 ට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි