×

බිකිනි ඝාතකයා හෙවත් සර්පයා නිදහස් කෙරේ.

සොබ්රාජ්ගේ ජීවිත කතාව අළලා පසු කාලීනව බීබීසී සහ නෙට්ෆ්ලික්ස් ජනප්‍රිය කතා මාලාවක් නිර්මාණය කරනු ලැබීය.


1970 සහ 1980 ගණන්වල මිනීමැරුම් රැසකට චෝදනා ලැබ, ඇමරිකානුවෙකු සහ කැනේඩියානු ජාතිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නේපාලයේ වසර 19ක සිර දඩුවම් භුකිති විඳිමින් සිටි, බිකිනි ඝාතකයා හෙවත් සර්පයා ලෙස හඳුන්වන ලද 78 හැවිරිදි ප්‍රංශ ජාතික චාල්ස් සෝබ්රාජ් නිදහස් කර ඇති බව වාර්තා වේ.


ප්‍රංශ පුවත් ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ දින 15ක් ඇතුලත සිය රටට යාමේ අධිකරණ නියෝගය මත යහපත් කල්ක්‍රියාව හේතුවෙන් අධිකරණය ඔහු නිදහස් කළ බවයි. සෝබ්රාජ් 2017 දී පැය පහක හෘද සැත්කමකට භාජනය ව ඇති අතර ඒ වෙනුවෙන් ඖෂධ ලබා ගනිමින් සිටියි. මේ වන විටත් ඔහු සිය දඬුවම්වලින් තුනෙක් එකක් අවසන් කර තිබීමත්, ඔහුව නිදහස්නු කිරීම සම්බන්ධයෙන් බලපා ඇත. ඒ අනුව ඔහු අද(22)දින කත්මන්ඩු මධ්‍යම බන්ධනාගාරයෙන් නිදහස් වනු ඇත.

මොහු අවම වශයෙන් ආසියාව පුරා බටහිර සංචාරකයින් 20 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව පිළිගෙන තිබේ. සෝබ්රාජ් 1970 ගණන්වල මුල් භාගයේදී ලොව පුරා සංචාරය කිරීමට පටන් ගත්තේය, ඔහු යුරෝපයේ සිට අග්නිදිග ආසියාවට හිපි මාවත දිගේ ගමන් කළ අතර එහිදී මංකොල්ලකෑම ඇරඹීය.

1970 ගණන්වල මැද භාගයේදී පතායා වෙරළේ කාන්තාවන් හය දෙනෙකු මත්ද්‍රව්‍ය පානය කර මරා දැමීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රථම වරට වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය. 1980 ගණන්වල මැද භාගයේදී ඔහු ඉන්දියාවේ බන්ධනාගාරයකින් පැන යාමට සමත් විය. පසුව ඔහුව අල්ලාගෙන නවදිල්ලියේ උපරිම ආරක්ෂිත තිහාර් බන්ධනාගාරයේ 1997 දක්වා සිරගත කරන ලදී. කෙසේ නමුත් නැවත වරක් ඔහු 2003 සැප්තැම්බර් මාසයේදී කත්මණ්ඩු හිදී මතුවිය.

සොබ්රාජ්ගේ ජීවිත කතාව අළලා පසු කාලීනව බීබීසී සහ නෙට්ෆ්ලික්ස් ජනප්‍රිය කතා මාලාවක් නිර්මාණය කරනු ලැබීය. ඔවුන් එය “The Serpent” නමින් එළිදැක්වීය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි