×

ආර්ථව මඩුවක සිරකළ තවත් මවක් පුතුන් දෙදෙනාත් සමග අවසන් ගමන් යයි…

35 හැවිරිදි අම්බා බොහෝරා නම් මෙම කාන්තාව දින 4ක් මෙසේ ආර්ථව මඩුව ලෙස භාවිත කළ ගව මඩුවේ සිය පුතුන් දෙදෙනා වන නව හැවිරිදි රමිත් සහ 12 හැවිරිදි සුරේෂ් සමග මිය ගොස් තිබිණි.


කාන්තාවන්ට තමන් කාන්තාවක් වූ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වන අවස්ථා ඉතිහාසයේ සිට අද දක්වා ම ලෝකයේ විවිධ සමාජ තුළින් වාර්තා වේ. එහි ඛේදජක ඉරණම වන්නේ ලෝකය කෙතරම් ඉදිරියට ඇදුනද සාම්ප්‍රදායන් පිටුපස ඇදෙමින් තමන් වැනිම තවත් කොටසක් පීඩනයට ලක් කරන මිනිසුන් අප ඉදිරියේ තවමත් සිටීමය.

ආර්ථවය හේතුවෙන් කාන්තාව නිවසින් වෙන් කර තැබීම විශේෂයෙන් ආසියානු සමාජයේ තවමත් තැනින් තැන දක්නට ලැබෙන සාම්ප්‍රදායික මනෝවිකාරයකි.

මවක සිය පුතුන් දෙදෙනාද සමග නිවසින් පිට එළිමහනේ කුඩා මැටි වලින් සෑදූ මඩුවක සිර කර තැබීම හේතුවෙන් වාතාශ්‍රයක් නොමැති කමින් ඔවුන් මිය ගිය පුවතක් නේපාලයෙන් වාර්ථා වී ඇත. මේ එසේ ආර්ථවය නිසා නිවසින් පිට මඩුවක සිර කර මිය යන ප්‍රථම කාන්තාව නොවුනද මව සිය දරුවන් දෙදෙනාද සමග වන්දි ගෙවූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. අර්ථව මඩු නේපාලයේ මේ වන විට තහනම් වුවත් ඔවුන් චෞපදි නමින් හදුන්වන මෙම සාම්ප්‍රදාය අදටද ගම් තුළ අනුගමනය කරමින් පවතී.

35 හැවිරිදි අම්බා බොහෝරා නම් මෙම කාන්තාව දින 4ක් මෙසේ ආර්ථව මඩුව ලෙස භාවිත කළ ගව මඩුවේ සිය පුතුන් දෙදෙනා වන නව හැවිරිදි රමිත් සහ 12 හැවිරිදි සුරේෂ් සමග මිය ගොස් තිබිණි.
මාසික ආර්ථවය නේපාල කාන්තාවන්ට මරණය ගෙනා ප්‍රථම අවස්ථාව මෙය නොවන්නේය.

මේ පිළිබදව ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානී උදාවු සින්ග් බාට් පවසන්නේ ඔවුන් තිදෙනා සිටි මඩුව ඉතා ශීතල බැවින් ගින්දර අවුලවා ඇති බවත් එමගින් පිටවන දුම එළියට යෑමට කවුළුවක් නොතිබීමෙන් මෙම මඩුව තුළ ගින්දර පැතිරීගොස් ඇති බවත්ය.
මෙම චෞපදි චාරීත්‍රයේදී කාන්කාවන් සිර කර තබන නිවසින් පිටත මඩු ඉතා කුඩා මෙන්ම ඒවා ප්‍රමිතියට සෑදූ නිවාස මෙන් නොවන්නේය. ඇතැම් විට ඔවුන් මේ සදහා ගව මඩුව භාවිත කරන අතර ඇතැම් විට සෙල්ලම් ගෙයක් වැනි ඉතා කුඩා මඩුවක් භාවිත කරයි.

2005 වසරේදී නේපාලය තුළ මෙම චෞපදි සම්ප්‍රදාය නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත් කළද අද දක්වාම එය අනුගමනය කිරීමේ පිරිස අඩුවක් වී නැත. චෞපදි සදහා නීතිය කඩ කරන අයෙකුට නේපාල රුපියල් 3000ක දඩයක් නියම කරනු ලබයි. එමෙන් ඒත් සමග මාස තුනක් සිර ගත තරනු ලබයි. නමුත් නේපාලයේ මෙන්ම දකුණු ආසියාවේ ඇතැම් ප්‍රජාවන් තුළ මෙම අමානුෂික චාරිත්‍රය නතර නොවී ඇති අතර ඔවුන් තවදුරටත් කාන්තාව පීඩනයට පත් කරමින් සිටී.

මෙම චාරිත්‍රය හින්දු දහම හා බැදී ඇති චාරිත්‍රයක් වන අතර කාන්තාවට ආහාරය ලෙස හැක්කේ මොනවාද , ඇය නිදා ගත යුතුතේ කොහේද මාසික ආර්ථවය පවතින කාලයේදී කවුරුන් සමග ඈ කථා කළ යුතුද, යන්න චෞපදි චාරිත්‍රය තුළ තීරණය කරයි. ඔවුන්ට අනුව මෙම චාරිත්‍රය නොපිළපදින්නන්ට අවාසනාව මෙන්ම මරණයද ලැබේ.


එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙම චාරිත්‍රය හේතුවෙන් කාන්තාවන් නිවසින් පිටත අනාරක්ෂිතව තැබීම හේතුවෙන් ඔවුන්ට අතීසාරය, නිවුමෝනියාව,මෙන්ම ශ්වසන ආබාධයන්ද වැළදී ඇති අවස්ථා වාර්ථා වී ඇති බවති එපමණක් නොව අනාරක්ෂිත බව හේතුවෙන් ලිංගික හිංසනයන් සහ වන සතුන්ගේ ප්‍රහාරයන් සිදුව ඇති බවත්ය නොබෝදා දකුණු ඉන්දියාවේ සත් හැවිරිදි දැරියක් මෙසේ ආර්ථවය හේතුවෙන් නිවසින් පිට සිර කිරීම හේතුවෙන් අධික වර්ෂාවට හසුවී ඈ ජීවිතයෙන් වන්දි ගෙවූ අවස්ථාවක් වාර්ථා විය.

එමෙන්ම මෙම වසරේදීම මෙම අමානුෂික චාරිත්‍රය හේතුවෙන් නේපාලයේ තවත් දැරියක් නයෙකු දෂ්ඨ කිරීමෙන් මිය ගියේ මෙසේ නිවසින් පිටත මඩුවක සිර කර තැබීමෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි