×

නෙදර්ලන්තයේ දේශගුණ ක්‍රියාකාරීන් 1,500කට අධික පිරිසක් අත්අඩංගුවට

ලන්දේසි ෆොසිල ඉන්ධන සහනාධාරයට විරෝධය පළ කරමින් නගර මධ්‍යයේ අධිවේගී මාර්ගයක කොටසක් අවහිර කරමින් පවත්වන ලද උද්ඝෝෂණයක්


නෙදර්ලන්තයේ හේග් නගරයේ Extinction Rebellion දේශගුණික කණ්ඩායම විසින් ලන්දේසි ෆොසිල ඉන්ධන සහනාධාරයට විරෝධය පළ කරමින් නගර මධ්‍යයේ අධිවේගී මාර්ගයක කොටසක් අවහිර කරමින් පවත්වන ලද උද්ඝෝෂණයක් අතරතුර පුද්ගලයන් 1,500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කර තිබුණේ, නගරයේ ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් සිටි ක්‍රියාකාරීන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර භාවිතා කළ බවත්, විනාශ කිරීම ආදී චෝදනා යටතේ අත්අඩංගුවට ගැණුනු 1,579කයෙන් 40 දෙනෙකුට එරෙහිව නඩු පවරන බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි