×

දෙබරා ගැන නොදත් කථා

මිචිගන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ එළිසෙබත් ටිබෙට් පෙන්වා දෙන්නේ පෘෂ්ඨවංශියෙකු සතුව මෙම සකර්ම විනිශ්චය සදහා ඇති හැකියාව හදුනා ගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි.



දෙබරා ඉංග්‍රීසි භාෂාවෙන් නම් Wasp ගැන කියූ  සැණින් අපට මතක් වෙන්නේ බඹරා, මීමැස්සා තරම්ම බිය විය යුතු නැති කුඩා කෘමියෙක් කියාය. ඒ නැසාම බඹරා, මී මැස්සා තරම් දෙබරා ගැන කථා නොකෙරෙන තරම්. අපි වැඩි සැළකිල්ලක් දක්වන්නේ මී මැස්සන්ටයි. ඒ මී පැණි නිසා වගේම මිහිපිට පැවැත්මට මී මැස්සාගේ දායකත්වය නිසාමයි.

ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය මගින් පසුගියදා දෙබරුන් ගැන පර්යේෂණයක් සිදු කරන ලද අතර මෙතෙක් අප දෙබරුන් ගැන දැන සිටි කරුණු වලට අමතරව බොහෝ කරුණු එම පර්යේෂණය මගින් අනාවරණය කර ඇත. ඔවුන් පවසන්නේ දෙබරුන් යනු හුදු කරච්චල් කාරයන් පමණක් නොව ඉතා බුද්ධිමත් උපක්‍රමශීලි කෘමියෙකු බවයි.

එකිනෙක පිළිබදව ඇති එක් එක් ලක්ෂණ වෙන වෙනම හදුනා ගත හැකිය එනම් x යන්න y ට වඩා වැඩි නම් y යන්න zට වඩා වැඩි නම් x යන්න z වඩා වැඩි බව වටහා ගැනීමේ හැකියාව දෙමරාට ඇත. මෙය වසර දහසක් තිස්සේ මානවයා සතු වූ හැකියාවකි.

පසුගිය කාලයේදී විද්‍යාඥයින් විසින් මෙම හැකියාව සහිත කුරුල්ලන්, වදුරන් , මත්ස්‍යයින් ආදී සතුන්ද හදුනාගනු ලැබිණි. එම හැකියාව transitive inference TI එනම් සකර්මක විනිෂ්චය නමින් හදුන්වයි.

මිචිගන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ එළිසෙබත් ටිබෙට් පෙන්වා දෙන්නේ පෘෂ්ඨවංශියෙකු සතුව මෙම සකර්ම විනිශ්චය සදහා ඇති හැකියාව හදුනා ගත් ප්‍රථම අවස්ථාව මෙව බවයි.
ලෝකය පුරා සිටින අප දන්නා කෘමීන් ශාක කොටස් සපා සිය කෙළ සමග මුසු කර ශාක පත්‍ර ආදීය සාදා සිය වාසස් ථාන සාදගනී. නමුත් දෙබරුන් සිය වාසස්ථාන සාදන්නේ මිනිසාට අහිතකර විශ සහිත ලෙස නිර්මාණය කළ එසේ ශාක කොටස් සපා විෂ මුසු කොට සෑදූ අමුද්‍රව්‍ය මගිනි.
බොහෝ දෙබර විශේශ කූඩු ප්‍රධාන වශයෙන් ගස් වල කොල උපයෝගී කර ගනිමින් සාදයි. මෙම කොල සැපීමකට ලක් කර ගස් වල කෙඳි සමග මිශ්‍ර කරයි. එමගින් දෙබර කූඩුවට ආවේනික හැඩය ලැබේ. දෙබර විශ ඉතා ප්‍රභල විශකි. මී මැස්සාට නම් දශ්ඨ කල හැක්කෙ එක් වරක් පමණි නමුත් දෙබරාට බොහෝ වාරයක් දශ්ඨ කළ හැකිය.

මින් පෙර මී මැස්සා තුළද transitive inference (TI එනම් සකර්මක විනිෂ්චය සදහා හැකියාව ඇතිදැයි නිරීක්ෂණය කිරීමට යොදා ගත් පර්යේෂණයේදී  ඔප්පු වූයේ මී මැස්සා සතුව මෙම ගුණය නැති බවයි. නමුත් මෙම කෘමීන් දෙදෙනාටම ඇත්තේ කුඩා ධාන්‍ය ඇටයකට සම කළ හැකි සමාන ප්‍රමාණයන්ගේ මොළය න්ය. දෙදෙනාගේම ස්නායු පද්ධතිද බෙහෝ දුරට සමාන වන අතර දෙබරාගේ සමාජීය හැසිරීම වඩාත් සංකීරණය.

ඕනෑම සමාන ගති ඇති යුගල සැණින් තෝරා ගැනීමටද දෙබරා දක්ෂයෙකි. වර්ණයන්ගේ අඩු සහ වැඩි වර්ණයන් සහිත දෑද වෙන වෙනම හදුනා ගන්නට ඔවුන්ට හැකියාව ඇත.

මී මැස්සාගේ ගහණය නැත්නම් මීමැසි ජනපදයක් තුළ සිටින්නේ එක් රැජිණක් පමණක් සහ මෙහෙකාරියන් වන අතර ඔවුන් සියල්ලන්ටම ඇත්තේ සමාන ශ්‍රේණීන්ය. නමුත් දෙබරාගේ ජනපදය ඊට වෙනස් ය. එහි පරපුර බිහි කළ හැකි ගැහැණු සතුන් කිහිප දෙනෙකුම වෙයි ඔවුන් එකිනෙකා අතර අනෙකාව පාලනය කිරීමට තරගයක් පවතී,
දෙබරා සතුව මේ ආදී වූ සුවිශේෂිතා මෙන්ම හැකියාවන්ද බෙහෝමයකි. ඒ පිළිබදව තව දුරටත් පර්යේෂණ සිදු කෙරෙන බව මිචිගන් විශ්ව විද්‍යාලය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි