×

නව වෛරස් ප්‍රභේදය තවත් මාරාන්තික විය හැකි බවට බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීම්

නව වෛරස් ප්‍රභේදයේ පැතිර යාම 30%ත් 70%ත් අතර අගයක් වාර්තා වී ඇති බවත් එහි මරණ අවධානම 30%ක් පමණ වන බවත් සඳහන්. 


බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු කොවිඩ් නව ප්‍රභේදය ඉදිරියේත් තවත් මාරාන්තික විය හැකි බවට එරට අගමැති බොරිස් ජොන්සන් මහතා අනතුරු අඟවා සිටියි.

ඉතා වේගයෙන් මෙම නව ප්‍රභේදය පැතිරී යාම නිසාම වාර්තා වන මරණ සංඛ්‍යාවද වැඩි වී තිබෙන බවයි එරට වාර්තා සනහන් කරන්නේ.

මෙමගින් සෞඛ්‍ය සේවකයින් දැඩි පීඩනයකට මුහුණ දී සිටින බවද අගමැතිවරයා සඳහන් කර ඇත.

මතුව තිබෙන  තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයට පනවා ඇති නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවක් ඉදිරියේ දී මතුවනු ඇති බවද ඔහු පවසයි.

නව වෛරස් ප්‍රභේදයේ පැතිර යාම 30%ත් 70%ත් අතර අගයක් වාර්තා වී ඇති බවත් එහි මරණ අවධානම 30%ක් පමණ වන බවත් සඳහන්.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි