×

BREAKING: නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන් දෙදෙනෙකු එංගලන්තයෙන් හමුවෙයි!

ඒ පිළිබඳව එරට සෞඛ්‍ය ලේකම් විසින් තහවුරු කර තිබේ.


කොවිඩ් වෛරසයේ විකෘතියක් ඇතිවීම මත හටගත් නවතම ප්‍රභේදය ලෙස සැලකෙන ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙකු එක්සත් රාජධානියෙන් පළමු වරට වාර්තා වී තිබේ.

ඒ පිළිබඳව එරට සෞඛ්‍ය ලේකම් විසින් තහවුරු කර තිබේ.

අදාළ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් වාර්තා වී තිබෙන්නේ එක්සත් රාජධානියේ චෙල්ම්ස්ෆෝර්ඩ් සහ නොටිංහැම් ප්‍රදේශ වලිනි.

අදාළ ආසාදිතයන් දෙදෙනා එකිනෙක මේ වන විට ස්වයං නිරෝධායනයේ පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර, නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්ත වීම් සිදුව තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුවෙමින් පවතී.

නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලය යන රටවල ද වාර්තා වී තිබේ.

මේ සම්බන්ධ දැඩි අවධානයෙන් පසුවන ලොව විවිධ රටවල සෞඛ්‍ය අංශ මේ වන විට සංචාරක තහනම් පැනවීමට කටයුතු කරමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි