×

විෂ දුම නව දිල්ලි වැසියන්ගේ ජීවිත වසා ගනී

.


ඉන්දියාවේ අගනගරය නව දිල්ලි නුවර මේ වන විට අපිරිසිදු දුමාරයෙන් වැසී ගොස් තිබීමත් සමග එහි ජන ජීවිතය ඉමහත් අපහසුතාවට පත්ව ඇති බව වාර්ථා වේ.
ගෝලීය වායු ගුණාත්මක දර්ශකයේ “අනතුරුදායක” මට්ටමට වඩා තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති දුමාරය හේතුවෙන් නවදිල්ලි නගරය හරහා ගමන් ගන්නා ගුවන් යානාවල ටඅනතුරු දායක තත්ත්වයන් ඇතිව ඇති අතර ඒ හේතුවෙන් අවස්ථා කිහිපයකදී ගුවන් ගමන් ප්‍රමාද කර ඇත.

A woman wearing a protective face mask waits for a bus in smoggy conditions in New Delhi on November 4, 2019.

අද උදෑසන වන විට නගරයේ ඇතැම් ප්‍රදේශවල AQI මට්ටම 800 ට වඩා ඉහළ මට්ටමක පැවතුණි. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නගරයේ‍ කාලගුණය ඉදිරි දිනවලදී යහපත් වනු ඇති නමුත් පවතිව තත්ත්වය සැලකිය යුතු ලෙස අඩුවීමට හේතු වේදැයි කීමට අපහසු බවයි.

නගර වැසියන් හට මේ හේතුවෙන් අක්ෂි සහ හදවත් රෝගී තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බවද වාර්ථා වේ. එක් පුද්ගලයෙකු ආශ්වාස කරන අපිරිසිදු වායුව දිනකට ඔහු සිගරට් 50ක දුම පානය කිරීමට සමාන බව සෞඛ්‍ය අංශ පවසන් අතර මෙම අවස්ථාව හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වාහන දුමට අමකරව විශේෂයෙන්ම නව දිල්ලියේ අසල්වැසි උතුරු ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල වාහන දුම්, කාර්මික විමෝචන සහ කෘෂිකාර්මික කටයුතු නිසා ඇතිවන දුම නිසා සෑම ශීත කාලයකදීම නව දිල්ලිය විෂ සහිත දුමාරයකින් වැසී යයි.
වසර තුනකට පසු වාර්ථා වූ දරුණුතම තත්ත්වය මෙවර උදාවී ඇති අතර නවදිල්ගි මහ ඇමති අරවින්ද් කෙරිජ්වාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මීට එරෙහිව ක්‍රියා කිරීමට විවිධ පියවරයන් ගෙන ඇති බවයි. ඒ අනව නගරයේ පෞද්ගලික මෝටර් රථවලින් අඩක් පාරෙන් ඉවතට ගන්නා ලෙස නියෝග කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි