×

නව කෘමි විශේෂයක් සොයා ගැනේ

Anglia Ruskin විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඇල්වින් හෙල්ඩන් බටහිර උගන්ඩාවේ Kibale ජාතික වනෝද්‍යානයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටියදී නව කෘමියෙක් සොයා ගන ඇත


ඔහු මෙම ලෝහමය පැහැයෙන් දිදුලන කෘමියා Phlogis kibalensis ලෙස නම් කර ඇත.

ෆ්ලෝගිස් කුලයට අයත් මෙම පලගැටි විෂේශය අවසන් වරට වාර්තා වී ඇත්තේ 1969 දී මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දිය.මිලිමීටර් 6.5 (අඟල් 0.24) මෙම කෘමියාට පැල්ලම් සහිත සිරුරක් ඇති අතර ,අද්විතීය හැඩැති ශරීරයක් පවතී.

ආචාර්ය හෙල්ඩන් 2015 සිට කිබාලේ වෙත ක්ෂේත්‍ර චාරිකා සිදු කරන අතර ඔහුගේ කාර්යයේ කොටසක් ලෙස උද්‍යානයේ කෘමීන් ලේඛනගත කිරීම, එහි සමනලුන්, උකුස්සන් සහ කුඩා කුරුමිණියන්ගේ පින්තූර සහති මාර්ගෝපදේශ නිර්මාණය කරයි.

ඔහු සිය මෙම සොයාගැනීම Zootaxa ප්‍රකාශනයේ හි ප්‍රකාශයට පත් කර ඇති අතර කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා කෞතුකාගාරයට එම නිදර්ශකය පරිත්‍යාග කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි