×

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නව ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ප්‍රමාදයි!

ඒ අනුව චිත්‍රපටය එළඹෙන නොවැම්බර් මස එළි දැක්වීමට නියමිතය.


මෙම වසරේ එළි දැක්වීමට නියමිතව තිබූ නවතම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන NO TIME TO DIE එළි දැක්වීම පමා කර තිබේ.

ඒ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙනි.

ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පිළිබඳ තොරතුරු පළකරන නිල ට්විටර් වෙබ් අඩවියේ මේ පිළිබඳ පණිවුඩයක් නිකුත් කර තිබේ.

එම පණිවුඩයෙන් කියවෙන්නේ ගෝලීය චිත්‍රපට වෙළඳපළ තුළ ඇතිකළ හැකි බලපෑම සැලකිල්ලට ගෙන චිත්‍රපටය එළි දැක්වීම පමා කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව චිත්‍රපටය එළඹෙන නොවැම්බර් මස එළි දැක්වීමට නියමිතය.

මෙවරද ඩැනියෙල් ක්‍රෙග් 007 චරිතයට පණ පෙවීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි