×

ඊශ්‍රායලයේ කම්කරු පක්ෂය “දූෂිත” රජයෙන් ඉවත් වීමේ තීරණයක

පෙරෙට්ස් සහ ෂ්මුලි ඉදිරියටත් පාලක පක්ෂය සමඟ සන්ධාන ගතව සිටීමට තීරණය කරන්නේ නම්, ඔවුන් තවදුරටත් කම්කරු පක්ෂයේ සාමාජිකයින් සේ නොසලකන බව ද මයිකලි පැවසුවාය.


ඊශ්‍රායල කම්කරු පක්ෂය එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු ප්‍රමුඛ රජයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

කම්කරු පක්ෂ නව නායක මෙරාව් මයිකලි අද (25) දින පැවති ගුවන් විදුලි සාකච්ඡාවකදී අවධාරණය කර තිබෙන්නේ ඊශ්‍රායලයේ නේතන්යාහු ප්‍රමුඛ දූෂිත රජයත් සමඟ කටයුතු නොකිරීමට තම පක්ෂය තීරණය කළ බවයි.

කම්කරු පක්ෂයේ හිටපු නායක අමිර් පෙරෙට්ස් සහ සෙනෙට් සභික ඉට්සික් ෂ්මුලි ඊශ්‍රායල රජයේ අමාත්‍යධූරවලට පත්වීමත් සමඟ පාලක පක්ෂය සමඟ සන්ධාන ගත වීමට විරෝධය පළ කළ තැනැත්තියකි මයිකලි.

ඒ අනුව, පෙරෙට්ස් ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් තමා ගන්නා පළමු පියවර දූෂිත ඊශ්‍රායල රජයෙන් ඉවත්වීම බව ඈ අවධාරණය කළා ය.

එමෙන්ම පෙරෙට්ස් සහ ෂ්මුලි ඉදිරියටත් පාලක පක්ෂය සමඟ සන්ධාන ගතව සිටීමට තීරණය කරන්නේ නම්, ඔවුන් තවදුරටත් කම්කරු පක්ෂයේ සාමාජිකයින් සේ නොසලකන බව ද මයිකලි වැඩිදුරටත් පැවසුවාය.

රජය තුළ තම අමාත්‍යධුරය ආරක්ෂා කරගන්නා අතරවාරයේ රජය පරාජය කිරීමට පෙළගැසුණු බ්ලූ ඇන්ඩ් වයිට් නම් දේශපාලන සන්ධානයට සම්බන්ධ වීමට ෂ්මුලි සාකච්ඡා පවත්වා ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, ෂ්මුලි ගෙ ප්‍රතිපත්තිය අනුව ඔහු කම්කරු පක්ෂයට සුදුසු නොවන බවට නව පක්ෂ නායිකා මයිකලි ගේ මතයයි.

කම්කරු පක්ෂයට සහාය දැක්වීමට කැමති පක්ෂ නායකයින්ගේ යෝජනා වලට තමා සවන් දෙන මුත් ඒවා පිළිගැනීමට තරම් ඉක්මන් නොවන බවද ඈ එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කළා ය.

එළඹෙන ඉරු දින ඊශ්‍රායල ව්‍යවස්ථාදායකයේ (සෙනෙට්) කම්කරු සාමාජිකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට ද ඈ සූදානමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි