×

ඇමරිකානුවන් කලාපයෙන් නෙරපා දමන බවට නව කූඩ්ස් බලකා ප්‍රධානී දිව්රයි!

සොලෙයිමානි ගේ මෙහෙවර දිගටම සිදු කිරීමට තමා ඇපකැප වන බවත්, සිදුවූ හානියට ලබා ගත හැකි එකම වන්දිය ඇමරිකාව තම කලාපයෙන් මුළුමනින්ම නෙරපා දැමීම බවත් හෙතෙම ප්‍රකාශ කොට තිබේ.


හිටපු කූඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සොලෙයිමානි පසුගිය දින එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක් වන ලදී.

ඔහු ඉරානයේ උත්තරීතර නායක ගෙන් පසු දෙවෙනියටම බලවත් පුද්ගලයා බවට පැවසේ.

මෙම සිදුවීමෙන් එක්සත් ජනපදය හා ඉරානය ජම්මන්තර වෛරක්කරුවන් බවට පත් කිරීමට සමත් ව ඇති බවට පෙනී යයි.

අදාල ප්‍රහාරය පිළිබඳ ඇමරිකානු ජනපති ට්‍රම්ප් පවසා සිටියේ යුද්ධයක් ඇති කිරීමට නොව යුද්ධයක් නතර කිරීමට ලොව දරුණු ම ත්‍රස්තවාදියා ඝාතනය කිරීමට තමා සමත් වූ බවයි.

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි සිදුවූ දේට පළිගැනීමක් නිසැකවම සිදුවනු ඇති බවට ද ප්‍රකාශ කර තිබිණි.

මේ අතර, කූඩ්ස් බලකායේ නව ප්‍රධානී ද මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කොට තිබේ.

ඔහු නමින් එස්මේල් ඝානිය.

තම කලාපයෙන් එක්සත් ජනපදය මුළුමනින් නෙරපා දැමීමට ඉරානය කටයුතු කරනු ඇති බවට ඔහු ප්‍රකාශ කර තිබේ.

සොලෙයිමානි ගේ මෙහෙවර දිගටම සිදු කිරීමට තමා ඇපකැප වන බවත්, සිදුවූ හානියට ලබා ගත හැකි එකම වන්දිය ඇමරිකාව තම කලාපයෙන් මුළුමනින්ම නෙරපා දැමීම බවත් හෙතෙම ප්‍රකාශ කොට තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි