×

සර්පයෙකුගේ බඩ තුළින් සොයාගත් අලුත්ම සර්ප විශේෂය

මේ අබිරහස් හාදයාගේ නම “mysterious dinner snake” එහෙමත් නැතිනම් ‘අබිරහස් රාත්‍රී භෝජන සර්පයා‘.


මේ සර්පයාට අමුතු පැවතුම් ගොඩක් තියෙනවා. එයින් එකක් තමයි, ගුල් හාරන නැමියාව. වැඩිපුරම ඉන්නෙ, නිවර්තන කලාපීය මෙක්සිකෝවේ ගන කැලෑ තුළයි.

නමුත් ඇත්තෙන්ම මේ සර්පයාව පහුගියදා මුලින්ම හොයාගත්තෙ නම් ඒ වගේ තැනක ඉඳලා නෙවෙයි. තවත් සර්පයකෙුගේ බඩ ඇතුළෙ ඉඳලා!

Journal of Herpetology පර්යේෂණ වාර්තාව මගින් මේ බව හෙළිකරන විද්‍යාඥයන්ට මේ හාදයාට අලුත් නමක් දෙන්න සිද්ධ වුණේ අලුත් සර්ප විශේෂයක් බව හෙළිවුණ නිසයි. ඒ අනුව උගේ විද්‍යාත්මක නාමය,  Cenaspis aenigmaසෙනස්පිස් ඒනිග්මා.

ජීවීන් නාමකරණයේදී නම් තබන්නේ ලතින් භාෂාවෙන්. ලතින් බසින් සෙනස්පිස් කියන්නේ රෑ කෑමට. ඇස්පිස් කියන්නෙ සර්පයෙක් කියන අදහසින්.

මේ හාදයා, ඒ වර්ගයේ සියලුම ඥාතීන්ගෙන් වෙනස්. හිස්කබලේ හැඩය, hemipenis විදිහට හඳුන්වන ප්‍රජනන ඉන්ද්‍රිය වගේ බොහෝ ලක්ෂණ අතින් වෙනස්. ශරීර අන්තයේ තිබෙන ශල්කමය කොරපොතු පවා වෙනස්.

An artist’s rendering of the new species, Cenaspis aenigma, which translates to “mysterious dinner snake.” ILLUSTRATION BY GABRIEL UGUETO
An artist’s rendering of the new species, Cenaspis aenigma, which translates to “mysterious dinner snake.” ILLUSTRATION BY GABRIEL UGUETO

හිස් කබලේ හැඩය සහ දත්වල හැඩය අනුව මේ වයිරම් හාදයා, පොළොවේ ගුල් හාරන කෙනෙක් බව විද්‍යාඥයන් සිතනවා. කෘමීන් සහ මකුළුවන් ආහාරයට ගෙන ජීවත් වෙන්නට ඇති බවත් සිතනවා. නමුත් පුදුමය නම්, මේ සර්පයා කිසිම දවසක මිනිසා පණ පිටින් දැක නැහැ. මේ හාදයා අහම්බෙන් හමුවුණෙත්, කුඩා සර්පයන් ආහාරයට ගන්නා වෙනත් සර්පයෙකුගේ කුස තුළින් බව අපි කලින්ම ඔබට කිව්වා.

ඇත්තෙන්ම අද ඊයෙ අලුත් නමක් ලැබුණට, මේ හාදයාගේ ඉරණම ඒ විදිහට තීරණය වෙලා තිබුණෙ, මීට අවුරුදු 42කට කලින්. 1976 අවුරුද්දෙ, දකුණු දිග මෙක්සිකෝවෙ චියාපාස් පැත්තෙ කැලෑවකින් මධ්‍යම ඇමරිකානු කොරල් නයෙක් (Central American coral snake) පිරිසකට හමුවුණා. කොරල් නයා අතිශයින්ම වර්ණවත්, වයිරම් සහිත සර්පයෙක්. ඒ තරමටම ස්නායු පද්ධතිය සැණෙන් අඩපණ කරන තරම් උග්‍ර විෂ සර්පයෙක්. මේ සමග දැක්වෙන ප්‍රධාන ඡායාරූපයෙ ඉන්නෙ එයින් කෙනෙක්. පර්යේෂකයන් දුටුවෙ, මේ කොරල් නයාගෙ කුස තුළ තවත් පොඩි සර්පයෙක් සිටිනා බවයි.

A mere glimpse at some of the 200,000 plus amphibians and reptiles housed in Amphibian and Reptile Diversity Research Center at the University of Texas at Arlington.
ආලින්ටන් හි පිහිටා තිබෙන උභයජීවී හා උරග විවිධත්ව පර්යේෂණ මධ්‍යස්ථානයේ (Amphibian and Reptile Diversity Research Center at the University of Texas at Arlington) හි ගිමන් හරින 20,000කට අධික උරගයන් සහ උභයජීවියෝ| PHOTOGRAPH BY CARL J. FRANKLIN

අඟල් 10 ක පිරිමි සර්පයෙක් වුණු මේ සතාගෙ යම්කිසි විශේෂයක් තිබෙන බව පර්යේෂකයන් දැක්කා. ඒ සර්පයා මේ ලෝකයේ සිටින වෙනත් කිසිම සර්පයෙක් එක්ක ගැළපුණේ නැහැ. ඒ නිසාම සර්පයාව කෞතුකාගාර එකතුවකට ලබාදුන්නා. දශක ගණනක්ම පර්යේෂකයන් මේ සර්පයාගෙ අනන්‍යතාවය සොයාගන්න වෙහෙසුණා. මෑතක් වෙනතෙක්ම.. අවසානයේ ‘අබිරහස්‘ කියන කොටසත් එක්ක මේ සත්වයාට අලුත් විශේෂයක් විදිහට අලුත් නමක් ලැබෙන්නෙත් ඒ නිසාමයි.

මේ සත්වයා විද්‍යා ලෝකයට තවම පණ පිටින් මුණ ගැහුණෙ නැතිවුණු පලියට, 70 දශකයේ අග භාගයේ ලෝකයෙන් වඳ වී ගිය සතෙක් විදිහට නම් කරන්නත් පර්යේෂකයන් ඉක්මන් වෙන්නෙ නෑ. බාගවිට, මේ මොහොතෙත් මෙක්සිකෝවෙ ගන වනයෙ ගුලක් ඇතුළෙ මේ අඟල් දහයේ අබිරහස් රාත්‍රී බෝජනකාරයා හැංගිලා ඉන්නව ඇති.

ප්‍රධාන ඡායාරූපය : The Central American coral snake (Micrurus nigrocinctus) commonly eats smaller serpents, including a newfound species that hasn’t yet been found in the wild.
PHOTOGRAPH BY MATTHIEU BERRONEAU





#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි