×

2019 අවසානයට පෙර ලෝකය පුරා ISIS ප්‍රහාර ගණනාවක් !එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි

සාමාජික රටවල බුද්ධි අංශ තොරතුරු සහ ජාත්‍යන්තර ආරක්ෂක සේවාවන් හී තොරතුරු සමග එක්සත් ජාතීන් විසින් වාර්ථාවක් නිකුත් කෙරේ


මෙම වසර අවසන් වීමට පෙර ජාත්‍යන්තර ත්‍රස්තවාදී  ප්‍රහාර රැසක් සිදුවීමේ අවධානමක් ලෝකයට පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ පිළිබදව නිකුත් කළ වාර්ථාව සදහන් කරන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥවරුන් විසින් සිදු කරන ලද නිරීක්ෂණයන් අනුව විශේෂයෙන්ම ISIS සංවිධානය තමන්ට මෙතෙක් විවිධ හේතූන් මත එල්ල කළ නොහැකි වූ ප්‍රහාර ගණනාවක් මෙම වසර අවසාන වීමට පෙර එල්ල කරනු ඇති බවයි.

තවමත් ජීවතුන් අතර සිටින සහ සටන් කරන අන්‍යජාතිකයන් 30,000කට අධික ප්‍රමාණයක් ඉස්ලාමීය මනෝ රජිකය වෙත ගොස් ඇති බවට පවතින විශ්වාසය පිළිබදව මෙහිදී අවධානය යොමුවී ඇත‍ඒ අනුව එක්සත් ජාතීන්ගේ වාර්ථාව පවසන්නේ ඔවුන්ගේ අනාගත කර්තව්‍ය ජාත්‍යන්තරව පුළුල් පරාසයක් ගත් එකක් බවයි.


වාර්ථාවට අනුව ඉන් බහුතරයක් දෙනා අල් කයිඩා හෝ අනෙක් ත්‍රස්තවාදීන් සමග එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ ඒ අතරින් ඇතැමුන් ත්‍රස්තවාදී නායකයන් මෙන්ම විප්ලවවාදීන් ද වනු ඇත.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් හී බුද්ධි අංශ මගින් ලබා දුන් තොරතුරු සහ ජාත්‍යන්තර ආරක්ෂක සේවාවන් ගේ තොරතුරු අනුව එම සංවිධානය මෙම වාර්ථාව සකසා ඇත.
ඉස්ලාම් වරුන්ගේ මනෝරාජ්‍ය khilāfa එනම් ඉස්ලාම් ආගමික මුහම්මද් නබි තුමාගේ අනුප්‍රාප්තිකයෙකු පාලනය කරන මුස්ලිම් රාජ්‍ය භූගෝලීය වශයේ නිර්මාණය කෙරෙමින් පවතින බව මෙම වාර්,ාව පෙන්වා දෙයි. සාමාජික රටවලින් අනාවරණය වී ඇති තොරතුරු අනුව එකී භූගෝලීය රාජ්‍ය්‍ය මේ වන විටත් සාර්ථකව නිර්මාණය වෙයි.

යුරෝපය තුළ 2015 සහ 2016 වසර වලදී විශේෂයෙන්ම මුස්ලිම් වරුන් විසින් ප්‍රහාර එල්ල කරමින් සිය ගණනක් පුද්ගලයින් මරා දැමුණද යුරෝපය තවමත් සිටින්නේ අවධානම් තත්ත්වයක බව මෙම වාර්ථාව පෙන්වා දෙයි.
යුරෝපා රාජ්‍ය්‍යන් හී සංඛ්‍යාලේඛණයන්ට අනුව යුරෝපීයයන් 6000 ක් පමණ Isis සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් සදහා එක්වීමට ඉරාකයට සහ සිරියාවට ගොස් ඇත. ඒ අතරින් 2000ක් නැවතත් යුරෝපයට පැමිණ සිටී. මෙසේ නැවතත් පැමිණෙන පිරිස් යළි භාර ගැනීමට බටහිර රාජ්‍යයන් අකමැති වුවත් ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමේ විවිධ සීමාවන් පැවතීම අභියෝගයක් වී ඇත.

එමෙන්ම Isis සංවිධානය විසින් කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් ත්‍රස්තවාදයට ඇද දමමින් සිටින බවද එම වාර්ථාව පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ට අනුව Isis සංවිධානය සතු ඉස්ලාමීය අධිරාජ්‍යයක් සදහා වෙන්වුණ වත්කම් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 50ත් මිලියන 300ත් අතර වන අතර “virtual caliphate” හෙවත් සිය මනෝරාජිකය පිළිබදව කීර්තිය වෙනුවෙන් ඔවුන් එම මුදල් භාවිත කරනු ඇත‍
මේ අතර තුර ඔවුන් විසින් ලැබෙන සියළු අවස්ථා හා කාලය ප්‍රයෝජනයට ගනිමින් ලෝකය පුරා සිය ප්‍රහාර දියත් කරනු ඇති බව මෙම වාර්ථාව විසින් පෙන්වා දෙයි. එය පසුගිය පාස්කු ඉරිදා ශ්‍රි ලංකාවට එල්ල කළ ප්‍රහාරවලින් පමණක් 2019 සමන්විත වනු ඇතැයි පැවසිය නොහැකි බවද එහි සදහන් වේ. එක්සත් ජාතීන්ට අනුව isis නායකයින් හට ශ්‍රී ලංකාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධ දැනුමක් නොතිබී ඇති අතර තම මතවාදය වෙනුවෙන් දේහීය වශයෙන් බිහිවූ ත්‍රස්තවාදී නායකයින් කටයුතු කරමින් සිටින බවයි. ජාත්‍යන්තර වශශයෙන් සිය මනෝරාජිකයට බලපෑමක් එල්ල වීමත් සමග ඒ ඒ රාජ්‍යයන්හී ක්‍රියාත්මක වින ඉස්ලාම් ජාතිකයන් සිය රට තුළ ප්‍රහාර සිදු කරමින් ඒවාට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය මගින් පැහැදිලි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මෙම වාර්ථාවේ වැඩි අවධානය යොමු වී ඇත්තේ බටහිර අප්‍රිකාව පිළිබදව වන අතර එය මේ වන විට ඉස්ලාමීය සටන් කාමීන් ගේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වෙමින් පවතින භූමියකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි