×

උත්සවකාරී ලෝකයේ නෙත්සුවකාරී නව වසර

බටහිර ලෝකයට ජනවාරි 1 වැනිදා යනු, වසරේ උත්සවකාරීම දිනයයි. පහත දැක්වෙන්නේ ඒ උත්සවකාරී දිනයේ නෙත්සුවකාරී සන්දර්ශනයක් බවට පත්ව තිබූ ලෝකයේ ස්ථාන කිහිපයක් ගැන කෙටි විස්තරයකි.


ලන්ඩන් නුවර තවමත් මල්වෙඩි

එංගලන්තයේ ලන්ඩන් අගනුවර මේ මොහොතේ ද ඒකාලෝක වී තිබෙන්නේ මල්වෙඩි සන්දර්ශනවලිනි. ලන්ඩන් අයි හෙවත් ලන්ඩන් ඇස, අති සන්දර්ශනීය ලෙස ආලෝකමත් වී තිබේ. මුළු එක්සත් රාජධානියම, යුරෝපාකරයේ සෙසු සියලුම රටවල් මෙන් උත්සවශ්‍රීෙයන් ඇළලී ගොස් ඇත. යුරෝපය වසරේ උත්කර්ෂවත්ම නිවාඩු දිනයන් සේ සලකන්නේ ජනවාරි 01 වැනිදා හෙවත් නව අවුරුදු දිනය සහ පාස්කු ඉරිදා දිනයයි.

ලන්ඩන් නව අවුරුදු උත්සවල සජීවී දර්ශන මේ සමග දැක්වෙයි.

ලන්ඩන් නුවර අසිරිය

සිඩ්නි නුවර මල්වෙඩි නුවරක් වෙයි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 2019 නව වසර පිළිගත්තේ නගරයේ අද්වීතීය සලකුණු දෙක වන සිඩ්නි වරාය පාලම සහ සිඩ්නි ඔපෙරා හවුස් ආලෝකමත් කරමිනි. BBC පුවත් සේවය විසින් එය කාච ඇසට හසුකරගෙන තිබූ ආකාරයයි, මේ.

සිඩ්නි නුවර මල්වෙඩි

ඩුබායි හි බර්ජ් කලීෆා

මීටර 829.8 ක් උසැති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංකේතය සේ සැලකෙන ඩුබායි නුවර බර්ජ් කලීෆා කුලුන නව අවුරුදු උදාව සංකේතවත් කරමින් මෙසේ අලංකාර වී තිබිණි.

ඩුබායි හි බර්ජ් කලීෆා

හොංකොං අසිරිය

චීනය සිය ‘ලොකු අයියා‘ වශයෙන් සැලකුවද, චීනයෙන් ස්වාධීන පරිපාලන ඒකකයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක යෙදී සිටින ආසියාවේ ආර්ථික යෝධයෙකු වන හොංකොං දූපත් සමූහය ද නව වසර උත්කර්ෂවත් ලෙස පිළිගනියි. චීන ජාතිකයන් බහුතරයක් ජීවත් වුවද ‘සුවඳ තොටුපොළ‘ යන අරුත දෙන හොංකොං හි වික්ටෝරියා වරාය, ආසියාවේ ප්‍රධානතම වාණිජ වරායකි. එනිසාම එය විදේශිකයන් නිතර යන එන තැනකි.

හොංකොං

ඇමරිකාවේ ටයිම්ස් චතුරස්‍රය

ඇමරිකාවේ ටයිම්ස් චතුරස්‍රයේ සවිකර තිබෙන New Year Ball, නව වසර උදා වූ බව හඟවන මොහොත දැකීමට ඇමරිකානුවෝ උත්සවකාරී ලෙස එක් වෙති. ලිබර්ටි ප්‍රතිමාව පිහිටා තිබෙන ලිබර්ටි දූපත ද එකම උත්සවයක් බවට පත්ව තිබිණි.

ප්‍රධාන ඡායාරූපය
TravelTriangle



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි