×

සරම්ප නිසා නිවුයෝර්ක් හී හදිසි තත්ත්වයක්

මේ වන විට ලෝකය පුරා එන්නත් විරෝධී ව්‍යාපරයක් ආරම්භ වී ඇති අතර ලෝක සෞඛ්‍ය සවිධානය පවසන්නේ මෙම එන්නත් විරෝධී ව්‍යාපාරය නිසා 2019 වසරේ ගෝලීය සෞඛ්‍යට දැඩි බලපෑමක් වනු ඇති බවයි.



ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත පුරා සරම්ප රෝගය පැතිර යෑමේ අවධානමක් පැතිර යමින් තිබේ. උතුරු නිවුයෝර්ක් හී රෝගීන් 153 දෙනෙකු වාර්ථා වී තිබේ.
එමෙන්ම එන්නත් නොකරන ලදී රෝගී දරුවන් පොදු ස්ථාන වලින් ඉවත් ව සිටින බවට අවධාරණය කර ඇති අතර . එම නියමයන් නොසලකා හරින පුද්ගලයින් සදහා ඩොලර් 500ක දඩයක් සහ මාස 6ක සිර දඩවමක් ලබා දීමට නියම කර ඇත.
එමෙන්ම මේ වන විට වොෂිංටනය, කැලිෆෝනියා සහ ටෙක්සාස් යන ප්‍රාන්ත වලද සරම්ප රෝගීන් වාර්ථා වෙමින් පවතී.

වවිධ ආගමික හා දාර්ශනික හේතූන් මත ඇතැම් දෙමවුපියන් සිය දරුවන්ට එන්නත් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබීම රෝගය රට පුරා උත්සන්න වීමට හේතු වී ඇත.
2018 වසරේදී පමණක් යුරෝපයේ සරම්ප රෝගීන් 82500ක් වාර්ථා වී ඇති අතර පසුගිය දශකය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා වී ඇත්තේ 2017 වසරේදීය.
නමුත් මේ වන විට ලෝකය පුරා එන්නත් විරෝධී ව්‍යාපරයක් ආරම්භ වී ඇති අතර ලෝක සෞඛ්‍ය සවිධානය පවසන්නේ මෙම එන්නත් විරෝධී ව්‍යාපාරය 2019 වසරේ ගෝලීය සෞඛ්‍ය ට දැඩි බලපෑමක් වනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි