ඒ අනුව දින 14කට පසු ඔහුගේ ඉල්ලා අස්වීම බලාත්මක වනු ඇත.
ඔහු විසින් කාන්තාවන් 11 දෙනෙකුට සිදුකළ ලිංගික අපයෝජන හා හිංසන සම්බන්ධයෙන් වාර්තාවක් පසුගියදා කරළියට පැමිණි අතර ඒ පිළිබඳ පරීක්ෂණයක් ද පැවැත්විණි. එම පරීක්ෂණයෙන් හෙළි වූයේ ඇන්ඩෘෘ කුවමෝ විසින් එම වරද සිදුකර ඇති බවයි. 63 හැවිරිදි කුවමෝ, රජයේ සේවිකාවන් ද ඇතුළුව කාන්තාවන් ලිංගිකව අපයෝජනය කර ඇති බව තහවුරු කළේ නිව්යෝක් ජනපදයේ නීතිපති දෙපාර්තමේන්තුවයි.
පරීක්ෂණයේ ප්‍රතිඵල නොතකා ඔහු දිගින් දිගටම එම චෝදනාව ප්‍රතික්ෂේප කරන විට ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ඇතුළු ඩිමොක්‍රටික් ප්‍රබලයන් රැසක් ඔහුට දැනුම් දුන්නේ ඉල්ලා අස්වන ලෙසට ය.
‘‘දැන් මට කරන්න පුළුවන් හොඳම දේ පැත්තකට වෙන එකයි.‘‘ යනුවෙන් කුවමෝ අවසානයේ පැවසුවේය.
කුවමෝගෙන් පසුව නිව්යෝක් ජනපද ආණ්ඩුකාර පදවියට පත් වීමට නියමිතව තිබෙන්නේ කැතී හෝෂුල් ය. එම තනතුරට පත් වන පළමු කාන්තාව බවට ඒ අනුව ඇය පත් වේ.
කුවමෝ මෙයට වසරකට පමණ පෙර සිට දිගින් දිගටම අපචාරියෙකු බවට චෝදනා නැගුණේය. ඔහු කොරෝනා වෛරස් ව්‍යාප්තිය ගැන රූපවාහිනියේ නිතර පෙනී සිටින ජනප්‍රිය චරිතයක් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයෙකු බවට පත් ව සිටියත්, කාන්තාවන්ට එරෙහිව අපරාධ කරන්නෙකුය යන චෝදනාව නැගුණු විට ජනපති ජෝ බයිඩන් පවා එය ඉවසුවේ නැත.
මෙයට වසර කිහිපයකට පෙර අපට අසන්නට ලැබුණේ දකුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ළාබාල යුවතියන් සිය දෙනෙක් දූෂණය කිරීමෙන් පසු ජය සමරමින් පාටියක් දමා ඇති බවයි.
ඒ අනුව බලන කල දැරියන් දූෂණය කර, එම සංඛ්‍යාව ගැන පම්පෝරි ගසමින් සාද පවත්වන ලංකාවේ ඇතැම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට වඩා ඇමරිකාවේ දේශපාලන සංස්කෘතිය ඉතා දියුණු ය. ජනපති බයිඩන්ගේ සමීපතමයෙකු වුවත්, කුවමෝට ඉල්ලා අස්වන්නට සිදුවන්නේ එනිසා ය. නමුත් ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඇති බලයවත් නිව්යෝක් ජනපද ආණ්ඩුකාරයාට නැති බව ද ඕනෑ නම් කෙනෙකුට කිව හැකිය. මෙවැනි අපචාර අපවාදවලට ලක් වී ගෙදර යන 3 වැනි නිව්යෝක් ජනපදයේ ආණ්ඩුකාරයා ඇන්ඩෘෘ කුවමෝ ය.
පෙර ලිපිය
ලිංගික අපයෝජන වාර්තාවෙන් පසු නිව්යෝක් ආණ්ඩුකාරයාට ඉල්ලා අස්වෙන්නැයි බයිඩන් කියයි