×

නවසීලන්තයේ වර්ෂාධික කාලගුණ තත්වය තවදුරටත් බලපැවැත්වෙන බවට අනතුරු ඇඟවේ.

ඔටාගෝ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ භූගෝලීය කථිකාචාර්ය ආචාර්ය ඩැනියෙල් කිංග්ස්ටන් පැවසුවේ, දේශගුණික විපර්යාස හේතුවෙන් වායුගෝලය උණුසුම් වන විට එය වැඩි තෙතමනයක් රඳවා තබා ගනු ලබන හෙයින් මෙවැනි අධික වර්ෂාපතනයක් ඇතිවීමේ සම්භාවිතාව වැඩි බවයි.


දින හතරක ධාරානිපාත වර්ෂාවෙන් හා ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් නවසීලන්තයේ දකුණු දූපතේ සමහර ප්‍රදේශවලට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. දකුණු දූපතේ නෙල්සන් නගරයට වඩාත් දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇති අතර උතුරු දූපතේ නගරවල මාර්ග සහ නිවාස ද ගංවතුර හේතුවෙන් යටවී ඇත.


අවධානම් සහගත තත්වයන් හේතුවෙන් උතුරු සහ මධ්‍යම ප්‍රදේශවල වර්ෂාවෙන් පුද්ගලයන් 500කට වැඩි පිරිසකට තම නිවෙස්වලින් ඉවත්‌ කොට ඇති බව නවසීලන්ත රජය විසින් නිවේදනය කර තිබේ.

Marlborough, West Coast සහ Nelson-Tasman ප්‍රදේශවල වලට පනවන ලද හදිසි තවදුරටත් පවතින බවට ජාතික හදිසි අවස්ථා නිලධාරීන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර මෙම පවතින කාලගුණ තත්වය පිළිබඳව ඔටාගෝ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ භූගෝලීය කථිකාචාර්ය ආචාර්ය ඩැනියෙල් කිංග්ස්ටන් පැවසුවේ, දේශගුණික විපර්යාස හේතුවෙන් වායුගෝලය උණුසුම් වන විට එය වැඩි තෙතමනයක් රඳවා තබා ගනු ලබන හෙයින් මෙවැනි අධික වර්ෂාපතනයක් ඇතිවීමේ සම්භාවිතාව වැඩි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි