×

Lockdown මැද්දේ පවුලේ අය සමග වෙරළට ගිය නවසීලන්ත සෞඛ්‍ය ඇමතිට ධූරය අහිමි වෙයි

තමා වරදක් කළ බවට පිළිගත නොහැකි දේශපාලකයන්ද සිටින ලෝකයේ හෘද සාක්ෂියක් ඇති අමාත්‍යවරයෙක් වූ ඔහු සිය වරද භාරගෙන ජනතාවගෙන් ඊට සමාව ඉල්ලා සිය අස්වීම ඉදිරිපත් කලේය...


 

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළකා ලීමේ අරමුණින් සිය රාජ්‍යට අගුළු දැමූ පසු සිය පවුලේ සාමාජිකයන් සමග මුහුදු වෙරළේ විනෝද වීමට ගිය නවසීලන්ත අගමැතිවරයාට සිය ධූරය අත්හරින්නට සිදුව ඇත.

පසුගිය මාර්තු 23 වන දා නවසිලන්තය වසා දැමුණූ අතර සෞඛ්‍ය පළමු සති අන්තයේදී සෞඛ්‍ය ඇමති වන ඩේවිඩ් ක්ලාක් සිය පවුල සමග ඩුනේඩින් හී පිහිටි සිය නිවසේ සිට කිලෝ මීටර් 20ක දුරින් පිහිටි ඩොක්ටර්ස් පොයින්ට් වෙරළ තීරය වෙත ඇවිදීම සදහා ගොස් ඇත.

රටේ පොදු නීතිය කඩ කළ බවට ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව පිළිබදව ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ගෘහස්තව රැදී නොසිට විනෝදාස්වාදී ක්‍රීඩාවන් සදහා නිවසින් දුර බැහැරට යෑමෙන් තමන් රටකට අගුළු ලෑමේ මූල ධර්ම කඩ කර ඇති බවයි.

මම මා සමග සිටින කණ්ඩායමට නින්දා කර ඇත. මම මෝඩ මිනිහෙක්.. මිනිස්සු මා එක්ක තරහ වෙන්නේ ඇයි කියලා මට පැහැදිලියි. ඩේවිඩ් ක්ලාක් එසේ පවසයි.

මේ පිළිබදව නවසිලන්ත අගමැතිනය පසුගිය අගහරුවාදා පැවසුවේ ඩේවිඩ් ක්ලාක් සිය ධූරයන් ඉල්ලා අස්වීම සදහා ලිපියක් ඉදිර්පත් කළ බවයි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ මම ඔහුව ඇමති ධූරයෙන් නෙරිපමි. ඔහු කළ දෙයි වැරදියි. නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් අපේක්ෂා කරන්නැහැ… අගමැතිවරිය ප්‍රවෘති සාකච්ඡාවක් කැදවමින් සිය අදහස ඉදිරිපත් කරන ලදී.

කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවක ඔහු සිය සේවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් ගැටළු ඇති විය හැකි බැවින් ඔහු ධූරයේ පහත හෙළමින් ඔහුගේ සේවය අවස්ථානුකූලව ලබා ගන්නා බව ඇය පවසයි. නමුත් ඔහු විසින් වන්දියක් ගෙවිය යුතු බවට ඇය සදහන් කර සිිටියි. ඇයගේ ප්‍රමුඛතාවය රටේ කිරීටක වෛරසයට එරෙහිව සටන් කිරීම බවත් මේ හේතුවෙන්  “සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැවැන්ත බාධාවක්” ඇති කළ නොහැකි බවත් ඇය පැවසුවාය.

නවසීලන්තයේ වාර්ථා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලෝකයේ සෙසු රටවලට වඩා බෙහෙවින් අඩු ය. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට රට තුළ කොරෝනා වයිරස් රෝගීන් 1,160 ක් වාර්තා වී ඇති අතර එක් අයෙකු මියගොස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි