×

නවසීලන්තයත් මාසයකට Lockdown කරයි

කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් නවසීලන්තය පූර්ණ ලෙස වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. අද (26) සිට මාසයක කාලයක් සඳහා මෙම තීරණය වලංගු වේ.


කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් නවසීලන්තය පූර්ණ ලෙස වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. අද (26) සිට මාසයක කාලයක් සඳහා මෙම තීරණය වලංගු වේ.

අදාල කාලසීමාව තුළ මෙම නියෝගයට යටත් නොවී කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එවැන්නන්ට දඩයකට හෝ සිර දඬුවමකට යටත් වීමට සිදුවන බවත් නවසීලන්ත රජය පවසනවා.

මෙම කාලසීමාව තුළ ජනතාවට නිවසින් එළියට පැමිණිය හැක්කේ ව්‍යායාම කිරීම සඳහා පමණි. ව්‍යායාම් කටයුතු සඳහා පිටතට පැමිණීමේදීද මීටර් දෙකක පරතරයක් පවත්වා ගත යුතු බව ද එරට රජය අවධාරණය කරනවා.

මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 283 ක් හමු වී ඇති අතර ඔවුන්ගෙන් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවමත් එරටින් කිසිදු මරණයක් වාර්තා වී නොමැත. එසේම මේ වනවිට ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ද සාමාන්‍ය තත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි