×

නවසිලන්ත ඉතිහාසයේ විශාලතම විරෝධතාව

මෙම විරෝධතාව හේතුවෙන් නවසිලන්තයේ පාසැල් දරුවන් 700000 ට වඩා ප්‍රමාණයකගේ අධ්‍යාපනයට බලපෑම් සිදුව ඇත.


එදා මෙදාතුර ඉතිහාසයේ නවසිලන්තයේ සිදුවූ විශාලතම විරෝධතාවය මේ වන විට සිදු වෙමින් පවතී.
50000කට අධික පාසැල් ගුරුවරුන් සහ දෙමවුපියන් එක්ව අරඹා ඇති මෙම විරෝධතවයට පෙරද 2017 වසරේ පවතින කම්කරු සන්ධානය විසින් නවසිලන්ත පාලනය භාර ගැනීමෙන් අනතුරුව විරෝධතා දෙකක් පවත්වා ඇත.

මෙම විරෝධතාවයේ අරමුණ වී ඇත්තේ සිය වැටුප් 3%කින් වැඩි කරන ලෙසයි. නමුත් නවසිලන්ත රජය පවසන්නේ ඒ සදහා ලබා දීමට තරම් මුදලක් තමන් වෙත නොමැති බවයි.
මෙම විරෝධතාව හේතුවෙන් නවසිලන්තයේ පාසැල් දරුවන් 700000 ට වඩා ප්‍රමාණයකගේ අධ්‍යාපනයට බලපෑම් සිදුව ඇත. ඒ හේතුවෙන් බහුතරයක් දෙමපියන්ට සිය දරුවන් වෙනුවේන රැකියාවෙන් නිවාඩු ගැනීමට සිදුව ඇති අතර ඇතැම් දෙමවුපියන්ට සිය දරුවන් රැකියා ස්ථානයට කැදවාගෙන යෑමට සිදුව ඇත.

මෙන්ම ගුරුවරුන්ට අමතරව අධ්‍යාපන කෙෂ්ත්‍රයේ රැකියාව කරන අමතර සේවකයින්ගේද රැකියා වලට බලපෑම් සිදුව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි