×

නවසිලන්ත ප්‍රහාරකයාට තවත් ප්‍රහාරයක් සඳහා සැළසුමක් තිබිලා.

ප්‍රහාරයෙන් මිය ගිය අයගේ මුල්ම අවසන් කටයුතු අද


පසුගියදා නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හී සිදු වූ වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන ප්‍රහාරකයා හට මුල් ප්‍රහාර දෙකට අමතරව තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පැවති බවට එරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත‍

ඉස්ලාමීය දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කරමින් පුද්ගයින් 50 දෙනෙකු මර දැමූ මෙම සකකරුව අත් අඩංගුවට ගැනීමට පෙර ඔහු විසින් තවත් ස්ථානයක වෙඩි තැබීම් සිදු කිරීමට සැළසුම් කර ඇත.
එරට පොලිස් අධිකාරී වරයා පවසන්නේ 28 හැවිරිදි මේ තුවක්කු කරු මීලග ප්‍රහාරයට යමින් සිටියදී ආරක්ෂක අංශ විසින් ඔහුව අත් අඩංගුවට ගත් බවයි.
මේ අතර ප්‍රහාරය හේතුවෙන් මිය ගිය පිරිස අතරේ ප්‍රථම පුද්ගලයාගේ අවසන් කටයුත් අද පැවැත්විනි. ඒ 44 හැවිරිදි කලීඩ් මුස්තාෆා නැමති ඉස්ලාම් ජාතිකයා සහ 15 හැවිරිදි ඔහුගේ පුතු හම්සාගේය.
එරට අගමැතිනිය ජසින්ඩා ආඩෙන් විසින් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් නවසීලන්තයේ මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් නිවේදනය කර ඇත. එමෙන්ම මේ මස 25 වන දින එරට ගිනි අවි නීතිය වෙනස් කිරීම සම්බන්දයෙන් ව්‍යවස්ථා සංශෝදන ඉදිරිපත් කිරීමටද නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි