සෙනසුරාදා පැවැති ඡන්දයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කිරීමත් සමග පෙර පැවැති ජනතා නියෝජිතයන් හත් දෙනා ගෙන් දොළස දක්වා මේ සමරිසි-සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ සාමාජිකයන් ප්‍රමාණය වැඩි වී තිබේ.
මේ අනුව සමස්ථ LGBT නියෝජනය 10%ක් වන අතර එය එතෙක් ලොව සමරිසි ම පාර්ලිමේන්තුව වශයෙන් සිටි එක්සත් රාජධානියේ 7%ක ප්‍රතිශතයක වාර්තාව බිඳ දමයි.
එක්සත් රාජධානියේ මහජන මන්තණ මණ්ඩලයේ සාමාජිකයන් 650 දෙනා ගෙන් විවෘත ව තමන් සමරිසි බව ප්‍රකාශ කරන සාමාජිකයෝ හතළිස් පස් දෙනෙක් සිටිති.
නවසීලන්තයේ අලුතින් ම පත් වූ සමරිසි පාර්ලිමේන්තු සාමාජිකයන් අතර කම්කරු පාක්ෂික ග්‍රාන්ඩ් රොබර්ට්සන්, ලුයීසා වෝල්, මේකා වයිටිරි, ටමටි කොෆේ, කිරී ඇලන් සමග නව සාමාජික අයේෂා වෙරෑල්, ශැනන් හැල්බර්ට් සහ ග්ලෙන් බෙනට් වෙති.
ඔවුන්ට අමතර ව නව හරිත පක්ෂයේ ජෑන් ලොගී, ක්ලොයී ස්වාර්බ්‍රික්, එලිසබෙත් කෙරෙකෙරෙ සහ රිකාඩෝ මෙනෙන්ඩෙස් ද වෙති. නව හරිත පක්ෂයේ පාර්ලිමේන්තු සාමාජිකයන් ගෙන් 40%ක් පමණ LGBT ප්‍රජාවට අයත් වෙති.
මේ අනුව නවසීලන්තය දැන් හැඳින්වෙන්නේ ‘The Queerest Parliament in the world‘ යනුවෙනි.
ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය විසින් ‘දේදුණු සාමාජිකයන් වැඩිම සංඛ්‍යාවක් සිටින පාර්ලිමේන්තුව‘ යනුවෙන් ද මෙය හඳුන්වා තිබේ.