×

වසර 14000ක් පැරණි අපි කන පාන්…

නැගෙනහිර ජෝර්දානයේ කළු කාන්තාරය Black Desert හී පවතින පුරාවිද්‍යා භූමියක තිබී සොයා ගත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් මේ පිළිබඳව කරුණු අනාවරණය විය.


පාන්… ලෝකය පුරා ජනතිවගේ ප්‍රධානතම ආහාරයකි. මීට වසර 14000කට පෙර මිනිස් ආදි වාසීන් පාන් අනුභව කොට ඇති බව පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

නැගෙනහිර ජෝර්දානයේ කළු කාන්තාරය Black Desert හී පවතින පුරාවිද්‍යා භූමියක තිබී සොයා ගත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් මේ පිළිබඳව කරුණු අනාවරණය විය. එම ස්ථානයේ තිබු අඟුරු අතර දැවුණ පාන් කොටස් හමුවී ඇත‍. radiocarbon තාන්ෂණය ඔස්සේ මේවා වසර 14000ක් පැරණි බව අනාවරණය කර ගෙන ඇත.

ලෝකයේ කෘෂිකාර්මික යුගය ආරම්භ වන්නටත් දිගු කාලයකට පෙර මෙසේ මිනිසා විසින් පාන් අනුභව කිරීම ඉතා සියුණු මානවජීවිත තිබූ බවට ලක්ෂණයකි.

පාන් ආහාරයක් ලෙස භාවිත කරන්නටනම් එවකට මිනිසා කෘෂිකාර්මික විය යුතුය, එමෙන්ම ස්ථිර ජීවිකාවක් නෙ ගිය පුද්ගලයින් විය යුතුය . නමුත් කෘෂිකාර්මික සමාජයක් බිහිවූ බවට සාක්ෂිහමුවන්නේ ඉන් පසු ඉතිහාසය තුළයි.

කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ මේ පිළිබඳව අධ්‍යයනයක් සිදු කරන පුරා විද්‍යාඥයින් අනුමාන කරන්නේ අතීත නැගෙනහිර ජෝර්දානයේ ජීවත් වූ ආදි මානවයා ස්ථිර ලෙස කෘෂි වගාවන් ආරම්භ කරන්නට පෙර පාන් නිපදවන්නට ඇති බවයි. දඩයක්කරුවන් කණ්ඩායම් එක්වී මෙසේ පාන් සාදා ගන්නට ඇතැයි ඔවුන් අනුමාන කරයි.

ඒ සඳහා තිරිඟු හෝ ඕට්ස් භාවිත කරන්නට ඇති අතර ඉන් ලබා ගත් පිටි රත් වූ ගල් යට බහා තබා හෝ ගිනි අළු මත දමා පුළුස්සා ගෙන ඇති බවද පුරා විද්‍යා කණ්ඩායම පවසයි.
මෙම පාන් වල ස්වරූපය ඔපමට්ටම් නොකළ පැතළි ස්වරූපයක් ගන්නා බව ඔවුන් අනුමාන කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි