×

ඉන්දීය කතුන් රුධිර බද්දෙන් සම්පූර්ණයෙන් නිදහස්..

කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉන්දීය රජය විසින් පැනවූ බදු 100%කින් කපා හැරේ.


කාන්තාවන් සඳහා වන සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා ඉන්දීය රජය පනවා තිබූ  12%ක බද්ද ඉවත් කරන්නට ඉන්දීය රජය තීරණය කරයි. ඒ එරෙහිව එරට කාන්තා සංවිධාන වල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වීමත් සමගිනි.

මෙම බද්ධ වැඩි කිරීමත් සමග ”රුධිර බද්ද” “blood tax”හෙවත් Lahu ka Lagaan ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් රට පුරා විරෝධය ප්‍රකාශ කළහ.

ඉන්දීය රජය ජී එස් ටී GST බද්ධට යටත්ව සනීපාරක්ෂක තුවා ඇතුළු කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයන් හී මිල ගණන් වැඩි කරනු ලැබීය‍.

මේ සඳහා රට පුරා විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන ලද අතර සංවිධායකයින් පවසන්නේ පවසන්නේ මේ වනවිටත් ඉන්දියාවේ ගැහැණු දරුවන් පසු දෙනෙකුගෙන් 4 දෙනෙක්ටම මාසික ආර්ථවයේදී සනීපාරක්ෂක නිෂ්පාදන භාවිත කිරීමට නොහැකි බවයි. නමුත් මෙවැනි බදු තුළින් තව දුරටත් කාන්තාවන්ගේ අවශ්‍යතා රජය විසින් නොසලකා ඇති බව ඔවුන් පවසීය.

ඉන්දියාව තුළ ගැහැණු දරුවන් පාසැල් අත්හැරීමට සහ අධ්‍යාපනයෙන් ඉවත් වීමට ප්‍රධාන සාධකයක් ලෙස සනීපාරක්ෂක තුවා ඇතුළු නිෂ්පාදන වල අධික මිළ ගණන් බලපායි. එමෙන්ම බෙහෝ කාන්තාවන් සනීපාරක්ෂක තුවා ලෙස භාවිත කරන්නේ අපිරිසිදු රෙදි කඩක් , හෝ වෙනත් කඩදාසි කොළ වැනි ද්‍රව්‍යයන්ය.

රජයේ මෙම බදු පැනවීමේ තීරණය හතුලා ගන්නා ලෙස ඉල්ලමින් කාන්තාවන් 400000 කගේ පෙත්සමක් රජය වෙත ඉදිරිපත් කරන ලදී.

මේ සියළු විරෝධතා ව්‍යාපාරවල ප්‍රතිපලයක් ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය පියුෂ් ගෝයල් රජය මෙම සනීපිරක්ෂක නිෂ්පාදන 12ක් මත බද්ධ 100% නිදහස් කළ බවට ප්‍රකාශ කළේය.

ආර්ථව දුගී බව යනු ඉන්දියාව තුළ පමණක් නොව බ්‍රිතාන්‍ය මෙන්ම ශ්‍රිලංකාව තුළද කාන්තාවන් දැඩි පීඩනයට ලක් කරන සමාජ ගැටළුවකි. නමුත් සමාජයේ කාන්තාවන්ට පමණක් මුහුණ දෙන්නට වෙන මෙම තත්ත්වයට පිළියම් සෙවීමට අද බෙහෝ රජයන් අසමත් ව ඇත. බ්‍රිතාන්‍ය ද තවමත් 5%ක බද්දක් සනීපාරක්ෂක තුවා මත අය කරන අතර ශ්‍රී ලංකාව තුළද සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා ඇති බදු කිසි දිනෙක වෙනස්වීමක් සිදු වී නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි