×

පුටින් හමුවීමෙන් පසු ට්‍රම්ප් රුසියාව රකියි.

හමුව අවසානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී නායකයින් දෙදෙනාම තම තමන්ගේ හමුව සාධාරණී කරනය කළා මෙන්ම එකිනෙකා විසින් එකිනෙකාව සාධාරණී කරනය කර ගත්හ.


ඊයේ 16 වන දා ඇමරිකානු ජනපති ඩෝනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති වලැඩිමියර් පුටින් අතර හමුවක් ෆින්ලන්තයේ හෙල්සින්කි හී දී පැවැත්වැණි.

මුළු ලෝකයේම අවධානය මෙන්ම ඇමරිකානු , බ්‍රිතාන්‍ය මෙන්ම රුසියානුවන් රැසකගේ විවේචන මෙන්ම විරෝධතා මැද මෙම හමුව පැවැත්වීමට ට්‍රම්ප් ට හා පුටින්ට සිදු විය.

පැය දෙකක් ඔවුන් එකිනෙකා සාකච්ඡා කළහ.

හමුව අවසානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී නායකයින් දෙදෙනාම තම තමන්ගේ හමුව සාධාරණී කරනය කළා මෙන්ම එකිනෙකා විසින් එකිනෙකාව සාධාරණී කරනය කර ගත්හ.

ඇමරිකානු ජනපති වරයා රුසියානු ජනපති හමුවීමට තීරණය කලේ , ට්‍රම්ප් ජනපති බවට පත්වූ ඇමරිකානු මැතිවරණයට මැදිහත් වූ බවට රුසියානුවන් 12 දෙනෙකු චෝදනා ලබමින් සිටින අතරතුරයි.

කෙසේ වෙතත් හමුව අවසානයේ දෙදෙනාම පැවසුවේ මෙතෙක් තිබූ ඇමරිකානු රුසියානු ශීතල යුද්ධය මින් නිමා වනු ඇති බවයි.

ට්‍රම්ප් මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ ඇමරිකානු මැතිවරණයට මැදිහත් වීමට රුසියාවට කිසිම හේතුවක් නොතිබූ බවයි.

රුසියාව මෙතෙක් හැසිරුණේ කෙසේද යන්න ගැන එහෙම පිටින්ම අමතක කළ ඇමරිකානු ජනපති ඔහුට පෙර ඇමරිකානු පාලකයන් විසින් රුසියාව සමග සබඳතා නොපැවත්වීම පිළිබඳව චෝදනා කර සිටියේය.

රුසියානු ජනපති වරයා පැවසූවේ ඇමරිකානු පරීක්ෂණ කණ්ඩායම් වලට ඕනෑම වෙලාවක පරීක්ෂණ සඳහා රුසියාවට පැමිණිය හැකි බවයි.

ඇමරිකානු මැතිවරණය මත රුසියානු මැදිහත් වීම සම්බන්ධව පුටින් පැවසූවේද ට්‍රම්ප්ට සමාන අදහසකි. එවැනි මැදිහත්වීමක් ගැන සිතීම පවා මුළුමුනින්ම විහිළුවක් බව ඔහු ප්‍රකාශ කලේය.
ඇමරිකාවේ අභ්‍යන්තර දේශ පාලන කටුයුතු වලට රුසියානු ඇමරිකා සම්බන්ධතා ප්‍රාණ ඇපකරුවෙක් නොවිය යුතු බවද ඔහුගේ අදහස විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි