×

නොවිචොක් ප්‍රහාරයට බිලි වූ අයෙක් ජීවිතක්ෂයට

පසුගියදා එංගලන්තයේ විල්ෂයර් හීදී නොවිචොක් Novichok ස්නායු විෂ ප්‍රහාරකට ලක් වූ රුසියානු රහස් ඔතුතුකරුවන් යුවළගෙන් 44 හැවිරිදි ඩාන් ස්ටෲග්‍රෙස් මිය ගොස් ඇත.


පසුගියදා එංගලන්තයේ විල්ෂයර් හීදී නොවිචොක් Novichok ස්නායු විෂ ප්‍රහාරකට ලක් වූ රුසියානු රහස් ඔතුතුකරුවන් යුවළගෙන් 44 හැවිරිදි ඩාන් ස්ටෲග්‍රෙස් මිය ගොස් ඇත.

පසුගිය මාර්තු මාසයේදී සර්ජි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය වෙත එල්ල වූ නොවිචොක් විෂ ප්‍රහාරයට පසුව 45 හැවිරිදි චාලි රොව්ලි සහ 44 හැවිරිදි ඩාන් ස්ටෲග්‍රෙස් ට එවැනි ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් පසු ඔවුන්ගේ තත්ත්වය බරපතල බව වාර්ථා විය.

ඇගයගේ මරණයෙන් පසු තමන් කම්පාවට පත් වූ බව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ පවසා ඇත.

ඩාන් ටෲස් සමග ප්‍රහාරයට ලක් වූ 45 වියැති චාලි රොව්ලි ද මේ වන විට සිටින්නේ බරපතල තත්ත්වයකයි.
මුලින් විශ්වාස කෙරුණේ මෙම යුවළ හෙරොයින් හෝ විෂ සහිත මත්ද්‍රව්‍යයක් නිසා මෙම තත්වයට ගොදුරු වූ බවයි. නමුත් ඔවුන්ගේ රෝග ලක්ෂණ එයට වඩා වෙනස් බව පසුව පැහැදිලි විය.

කෙසේ නමුත් නොවිචොක් ප්‍රහාරය යැයි සැකකෙරෙන ස්නායු අඩපණ කාරකයට ඔවුන් ගොදුරු වූයේ කෙසේදැයි තවම නිශ්චිත වශයෙන් දැනගන්නට ලැබී නැත. පොලිසිය පවසන්නේ තමන් මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි