×

මිලියන 4ක් ඉන්දියාවෙන් පිටුවහල් කරන ලකුණු

ඉන්දීය පාලක පක්ෂය වන අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ඉන්දීය ජාතික භාරතීය ජනතා පක්ෂය ස්ථිර ලෙසම කියා සිටියේ නීතිවිරෝධී මුස්ලිම් සංක්‍රමණිකයන් ඉන්දියාවෙන් පිටමං කරන බවයි.


මෙම වසර අවසන් වීමට පෙර සියල්ලන්ම තම පුරවැසිභාවය ඔප්පු කළ නොහැකි අය රටින්  පිටුවහල් කිරීමට පියවර ගන්නා බව ඉන්දීය පාලක පක්ෂය පවසයි. පුරවැසිභාවය තහවුරු කළ නොහැකි වූ මිලියන 4ක ජනතාවගේ නම් National Register of Citizens (NRC) ඉන්දීය රජය විසින් නිකුත් කරන ලදී.  ඔවුන් වෙත රජය දැනුම් දී ඇත්තේ

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රතිපත්තිය ගැන ලෝකය තුළ දැඩි කථාබහක් ඇතිවෙමින් පවතින අවධියක ඉන්දීය රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ පුරවැසි නාම ලේඛනය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ දැඩි ජනතා විරෝධයක් පැනනගිමින් තිබේ.

තම පුරවැසිභාවය තහවුරු කළ නොහැකි වූ මෙම ජනතාවගෙන් බහුතරයක් ජීවත් වන්නේ ඉන්දියාවේ වැඩිම වාර්ගික විවිධත්වයක් දැකිය හැකි ප්‍රාන්තයක් ලෙස සැලකෙන ඇසෑම් ප්‍රාන්තයේ ය.

බෙංගාලී භාෂාව කථා කරන හින්දූන්, ඇසෑමී භාෂාව කථා කරන හින්දූන් මෙන්ම ගෝත්‍රික කොටස්ද මේ මෙහි ජීවත්වන ජනවර්ග අතර වෙයි. ඇසෑමයේ ජීවත් වන මිලියන 34ක් ජනතාව අතර වැඩි පිරිසක් ඉන්දියානුවන් වන අතර ඉන්පසු කාෂ්මීර් ජනවර්ගද තුන්වන ස්ථානයට මුස්ලිම් ජනකොටස්ද ජීවත් වේ.

මේ සියල්ලන් ඇසෑමයේ පදිංචියට පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය.

නමුත් පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ බංගලිදේශයේ සිට සංක්‍රමණය වූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසද වැඩි වෙමින් පවතී.

මෙවැනි පුරවැසි නාම ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් විශේෂයෙන් බංගලිදේශයෙන් ඉන්දියාව වෙත සිදු වන නීති විරෝධී සංක්‍රමණ නවතා දැමිය හැකි බව බලධාරීන්ගේ මතයයි.

මියන්මාරයේ රොහින්ග්‍යා අර්බුදයත් සමග බංගලිදේශයට පළා ආ රොහිනග්‍යාවරුන්ගේ මීළඟ නැවතුම වන්නේ උතුරු ඉන්දියාවේ ඇසෑමය වැනි ප්‍රදේශයි.

ඉන්දීය පාලක පක්ෂය වන අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ඉන්දීය ජාතික භාරතීය ජනතා පක්ෂය ස්ථිර ලෙසම කියා සිටියේ නීතිවිරෝධී මුස්ලිම් සංක්‍රමණිකයන් ඉන්දියාවෙන් පිටමං කරන බවයි.

නමුත් ඔවුන් පිටමංකරන්නට සිදු වන්නේ බංගලදේශය වෙත වන අතර ඉන්දියාවේ මෙම ක්‍රියාවට බංගලිදේශය කිසිසේත් එකඟ නොවනු ඇත‍. ඒ අනුව රෝහිනග්‍යානුවන්ට නැවතත් බරපතල අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වනු ඇත.

එමෙන්ම හදිසියේ ඉන්දියාව ගනු ලැබූ මෙම තීරණය නිසා දශක දෙකක පමණ කාලයක් තිස්සේ ඉන්දියාව තුළ ස්ථාපිත කරගනිමින් සිටි මෙම ජනතාවට හිටි හැටියේම සිය ඡන්ද අයිතියද, සුබසාධක සේවා සඳහා ඇති අයිතිය මෙන්ම දේපළ සඳහා අයිතියද අහිමි වනු ඇත‍.

එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානය(UNHCR)ට අනුව මේ වන විට ලෝකයේ කිසිදු රාජ්‍යයක පුරවැසිබාවය නැති මිලියන 10ක ජනතාවක් සිටිති. එවැනි පසුබිමක් තුළ පුරවැසිබාවය ඔප්පු කළ නොහැකි පිරිස පන්නා දැමීම එතරම් පහසු එකක් නොවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි