×

ඇයි මේ කවදාවත් නැති විදියට ලෝකය පුරා ලැව් ගිනි ?

මෙතෙක් ලැව් ගිනි ඇති නොවූ ප්‍රදේශ වල පවා වනාන්තර හා පරිසර පද්ධති විනාශ වී යන්නේ මේ හේතුවෙනි.


2018 වසර ආරම්භයත් සමග ලෝකය පුරා ඇති වු ලැව්ගිනි ගැන වාර්තා වුනේ ලැව් ගින්නක් මෙනි. ග්‍රීසිය, ඇමරිකාව, ස්වීඩනය , කැනඩාව මෙන්ම එංගලන්තයද ලැව් ගින්නට ගොදුරු වූ රාජ්‍යයන් අතර වෙයි. ඉතිහාසයේ අත්දැකීම් හා සැසඳීමේදී මේ සියළු සිදුවීම් වාර්ථා වී ඇත්තේ එතරම්ම ලැව් ගිනි සම්බන්ධව අත්දැකීම් නැති රටවල් තුළිනි.

එංගලන්තයේ මින් පෙර වාර්තා වූ ලැවු ගිනි අත්දැකීම් හා සැසඳීමේ දී මේ වසරේ පසුගිය කාල වලට වඩා දෙගුණයක් වැඩියෙන් ලැව් ගිනි අවස්ථා වාර්ථා වී තිබේ.

මින් පෙර අපට ඇති ලෝක අත්දැකීම් අනුව ලෝකයේ ලැව් ගිනි සඳහා මිතුරු ප්‍රදේශ වූයේ අප්‍රිකාව දකුණු ඇමරිකාව ආදී රටවල් ආශ්‍රිත සැවානා තණ බිම්, බටහිර ඇලෙස්කාව සහ නැගෙනහිර සයිබීරියාවේ උතුරු දිග වනාන්තර, ආදියයි.

නමුත් වර්තමානයේ අපට ඇසෙන්නට ලැබෙන්නේ බෙහොමයක් හුදෙකලා මෙන්ම මෙතෙක් ලැව්ගිනි අත්දැකීම් සුලභව නොදුටු ප්‍රදේශ වල ලැව්ගිනි නිසා සිදු වූ අනතුරුය. ලැව් ගිනි නිසා ග්‍රීසියේ මිය ගිය සංඛ්‍යාව 80 දෙනෙකි. එමෙන්ම එම රටවල යටිතල පහසුකම් පද්ධති මෙන්ම ජන ජීවිතද, ස්වභාවික සම්පත් පද්ධතියයද ලැව් ගිනි හේතුවෙන් විනාශ වී යන අයුරු දැක ගත හැකිය.

මේ අකාරයෙන් යුරෝපයේ රාජ්‍යයන් වැඩි සංඛ්‍යාවක් මෙම වසර තුළ ලැව්ගිනි නිසා අනතුරට පත්වූ නමුත් එම සියළුම රටවල් පාහේ මෙතෙක් සාමාන්‍යයෙන් ලැව්ගිනි නිසා පීඩා විඳි රාජ්‍යයන් නොවේ.

ඒ අනුව මෙම වසරේ ජනවාරි පළවන දා සිට ජූලි 24 වන දින දක්වා දරුණු ලැව් ගිනි අත්දැකීම් 427ක් යුරෝපය තුළ පමණක් වාර්ථා විය. එහෙත් පසුගිය දශක දෙකක කාලය තුළ වාර්ථා වූ ලැවුගිනි අනතුරු වල සාමාන්‍ය අගය වූයේ 298 කි. පසුගිය වසර වල සාමාන්‍යයෙන් ලැවුගිනි නිසි යුරෝපය තුළ විනාශයට පත් භූමි ප්‍රදේශය හොක්ටයාර 55700 කි. නමුත් පසු ගිය මාස 7ක කාලය තුළ පමණක් විනාශ වී ඇති මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර112000කි.

එංගලන්තය තුළ පමණක් මේ වසර තුළ ලැවුගිනි නිසා විනාශ වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර 13888කි. එය පසුගිය දශක දෙක තුළ ඇතිවූ තත්ත්වය මෙන් හතර ගුණයක් වී ඇත. ස්වීඩනයේ හෙක්ටයාර 18500ක් ලැව් ගිනි විසින් විනාශ කර ඇති අතර පසුගිය වසර 10 තුළ ලැවු ගිනි අත්දැීම් වලට වඩා 41 ගුණයකින් ඉහළ ගොස් ඇත. එමෙන්ම අනෙකුත් උතුරු යුරෝපා රටවල් වන ඩෙන්මාර්කය එස්ටෝනියාව ෆින්ලන්තය ජර්මනිය හා ලැට්වියිව වැනි රටවල ලැව් ගිනි අනතුරු ඉහළ ගොස් ඇති ප්‍රමාණය පෙර වසරවලට වඩා 20සිට 200 දක්වා අතර ගුණයකිනි.

එමෙන්ම පසුගිය දශක ගණනාව පුරා ලැව් ගිනි අත්දැකීම් හේතුවෙන් අධික ලෙස පීඩාවට පත්ව සිටි ප්‍රදේශ බෙහෝමයක් මේ වන විට හාත් පසින්ම වෙනස් ව තිබේ . මධ්‍යධරණී යුරෝපය මින් පෙර අති විශාල ලෙස ලැව් ගිණි නිසා පීඩාවට පත් වූ ප්‍රදේශයකි නමුත් එය මේ වසරේ ඉතා පහළ මට්ටමක පවතින අතර ශීත මෙන්ම තෙතමනය සහිත කාල ගුණයක් ග්‍රීස්ම සෘතුවේදී පවා දැක ගත හැකි වී ඇත. ඉහළ ලැවු ගිනි අනතුරු සංඛ්‍යාවත් සාමාන්‍යයෙන් වාර්ථා වන ක්‍රොයේෂියාව ඉතාලිය ආදී රටවල මෙම වසරේ එවැනි අවස්ථා වාර්ථා වන්නේ ඉතා අවම මට්ටමි වලිනි.

එමෙන්ම මෙතෙක් යුරෝපයේ වැඩිම ලැව්ගිනි අත්දැකීම් සංඛ්‍යාවකත් වාර්ථා වු ස්පාඤ්ඤය , පෘතුගාලය ආදී රටව අද තත්ත්වය එදාට වඩා හාත් පසින්ම වෙනස්ය. පසුගිය වසරේදී ලැව් ගිනි හේතුවෙන් පෘතුගාලයේ මිය ගිය සංඛ්‍යාව 100 දෙනෙකි. 2009 වසරේදී ඕස්ට්‍රේලියාවේ 173 දෙනෙක් මිය ගියහ.නමුත් මේ වන විට තත්ත්වය වෙනස් අතට හැරී ඇත.

සැබවින්ම මෙම තත්ත්වය එනම් ලෝකයේ දේෂ ගුණික තත්ත්වයන් උඩු යටිකුරු වීමට බලපා ඇති සැබෑ හේතුව කුමක්දැයි යන්න රහසක් නොවන්නේය..ඒකාන්තයෙන්ම ඊට හේතුව ලෝකයේ මේ වන විට සිදුවෙමින් පවතින දේශගුණික විපර්යාස විය යුතුය.

මේ වන විට ගෝලීය උණුසුම ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙතෙක් ලැව් ගිනි ඇති නොවූ ප්‍රදේශ වල පවා වනාන්තර හා පරිසර පද්ධති විනාශ වී යන්නේ මේ හේතුවෙනි.

එක් අතකින් උතුරු සහ දක්ෂිණ අර්ධගෝලවල පවතින අයිස් තට්ටු දිය වෙමින් යද්දී ලෝකයේ මෙතෙක් ශීත දේශ ගුණයන් පැවති පෙදෙස් වල සුළඟ වියලි බවට හැරෙමින් තිබේ. එමෙන්ම පරිසරයේ වියළි බාවය වැඩිවෙමින් තිබේ.. මේ හේතුවෙන් ලැව්ගින්නක් හට ගැනීමට මෙන්ම පැතිරී යාමටද අවශ්‍ය පාරිසරික සාධක නිතැතික්ම නිර්මාණය වේ.

පහත දැක්වෙන්නේ දේශගුණක විපර්යාසයන් හේතුවෙන් ගෝලීය උණුසුම වැඩිවෙමින් පවතින අයුරුය.

20 වන සියවසට සාපේක්ෂව ක්‍රමයෙන් ගෝලීය උණුසුම ඉහළ නැග ඇති අයුරු  Source: NOAA

කාබන්ඩයෝක්සයිඩ් ප්‍රතිශතය ඉහළ ගොස් ඇති අයුරු

 

හරිතාගාර වායුව වැඩි වශයෙන් මුදාහරින රටවල්

වැඩිවන ගෝලීය උණුසුම

වැඩිවන ගෝලීය උණුසුම



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි