×

හිජාබය නිසා ප්‍රථම වරට ඩෙන්මාර්කයේදී කතකට දඬුවම්

හිජාබය ඩෙන්මාර්කයේ තහනම් ඇඳුමකි. මේ වන විට හිජාබයෙන් හෝ නිජාබයෙන් සැරසී ඩෙන්මාර්කය තුළ ප්‍රසිද්ධ ස්ථානයක ගැවසීම දඬුවම් ලැබිය හැකි වරදකි.


පොදු ස්ථානයක හිජාබයකින් සිය මුහුණ අවරණය කිරීමේ වරදට ඩෙන්මාර්කයේ කාන්තාවකට ප්‍රථම වරට ක්‍රෝනර් 1000ක වන්දියක් එරට රජයට ගෙවන්නට සිදු විය.

එරට 28 හැවිරිදි කාන්තාවක් විසින් පසුගිය සිකුරාදා මෙසේ මුස්ලිම් කාන්තාවන් සිය මුහුණ ආවරණය කරමින අඳින හිජාබය නැමති ඇඳුමින් සැරසි එරට පොදු ස්ථානයක සිටිම ඇය විසින් සිදුකළ වරදයි.

ඉස්ලාම් ආගමට අනුව මුහුණු ආවරණය සහිත ඇඳුම ඉස්ලාම් කාන්තාවන්ට අනිවාර්යයකි. නමුත් ඩෙන්මාර්කය තුළ එය නීති විරෝධී බවට නව නීතියක් හඳුන්වා දුන්නේ 2017 අගෝස්තුවේදීය . එම නීතියට අනුව යම් අයුරකින් කාන්තාවක විසින් තවත් වරක් එම වරද කළෙහාත් ඇය විසින් ක්‍රෝනර් 10000 ගෙවිය යුතුය.

හිජාබය හැඳ සාප්පු සංකීර්ණයක සිටියදි තවත් කාන්තාවක් එය ඉවත් කරන ලෙස ඈ වෙත දැනුම් දුන්නද එය එසේ විසඳිය නොහැකිව පොලීසියමැදිහත්ව ඈ වෙත මෙම දඩය නිම කර ඇත.

මේ සම්බන්ධව මානව හිමිකම් සංවිධාන පවසන්නේ යමෙක්ට තමන්ට අවශ්‍ය ඇඳුමක් අඳින්නට අයිතියක් තිබිය යුතු බවයි.

නමුත් ඩෙන්මාර්කයට අමතරව බෙල්ජියම හා ප්‍රංශය යන රටවලද මෙම හිජාබය නීති විරෝධී බවට පත් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි