×

වසර 11කට පෙර විනාශකළ බාමියන් ප්‍රතිමා ප්‍රතිසංස්කරණය කරයි

පසුගිය ජූනි මාසයේදී ඇමරිකානු ප්‍රහාරයක් මඟින් මිය ගිය  මුල්ලා ෆසුල්ලාහ් ගේ නායකත්වයෙන් 2007 වසරේදී Tehreek-e-Taliban  සංවිධානය මෙම ලෝක උරුමය පැවති ෆක්තුන්කවා පළාත යටත් කර ගන්නා ලදී.


තලෙයිබාන් (Tehreek-e-Taliban)  ත්‍රස්ත සංවිධානය විසින් මීට වසර 11කට පෙර විනාශ කරන ලද ලෝක උරුමයක් වූ  පකිස්ථානයේ උතුරු බටහිර පිහිටා ඇති  ඓතිහාසික බුදු පිළිම වලින් එක් පිළිමයක් Buddha of Swat මේ වන විට නැවත යථා තත්ත්වයට පත් කර ඇත .

 7 වන ශත වර්ශයට අයත් භාවනානු යොගී ඉරියවුවෙන් මීටර් 6ක් උසින් නිර්මාණය කර තිබු ප්‍රතිමාවක් වන මෙය  දකුණු ආසියාවේ විශාලතම හිඳි පිළිමය වූ අතර ඒත් සමග තවත් ප්‍රතිමා රැසක් ඔවුන් විසින් විනාශයට පත් කරන ලදී.

මෙම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මුල් වී ඇත්තේ ඉතාලිය විසිනි.ඒ සඳහා ඉතාලි රජය ඩොලර් මිලියන 2.9ක මුදලක් වියදම් කර ඇත. මිට වසර පහකට පෙර මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද අතර ඉතාලි ජාතික ප්‍රරාවිද්‍යාඥ ලුකා මාරියා පවසන්නේ මෙම ලෝක උරුමය නැවත තිබූ තත්ත්වයට ගෙන ඒම කිසිදු අයුරකින් පහසු එකක්ක නොවනු ඇති බවයි. එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණ වලින් පසුවත් තිබූ තත්ත්වයෙන්ම ප්‍රථිමා දැක ගත නොහැකි වනු ඇති බවද මෙම ප්‍රහාරය සිහි ගැන්වෙන පරිදි සමහර සාක්ෂි ඕනෑකමින් ඒ ලෙසම ස්ථාපික කරනු ඇති බවද ඔහු පැවසීය.

www.mtholyoke.edu

මෙම වසරේ පසුගිය ජූනි මාසයේදී ඇමරිකානු ප්‍රහාරයක් මඟින් මිය ගිය  මුල්ලා ෆසුල්ලාහ් ගේ නායකත්වයෙන් 2007 වසරේදී Tehreek-e-Taliban  සංවිධානය මෙම ලෝක උරුමය පැවති ෆක්තුන්කවා පළාත යටත් කර ගන්නා ලදී. නමුත් 2009 වසරේද ීපාකිස්ථාන රාජ්‍ය හමුදැව විසින් දියත් කළ රහේ රාස්ට් හමුදා මෙහෙයුම මඟින් මෙම තලේයිබාන් කණ්ඩායමෙන් ප්‍රදේශය මුදවා ගන්නා ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි