×

“Avozillas” ඕස්ට්‍රේලියාවේ යෝධ අලිපේර.

සාමාන්‍ය අලිපේර ගෙඩියකට වඩා විශාල ප්‍රමාණයක් වන මේ "Avozillas" අපේ මුහුණේ ප්‍රමාණයට මදක් සමානයි.


ඕස්ට්‍රේලියාව යනු වැඩි වශයෙන් අලිපේර ආහාරයට ගන්නා රටවලින් එකකි. පවතින හිඟය නිසාම නවසිලන්ත ඕස්ට්‍රේලියාව වැනි රටල පසුගිය කාලයේ අලිපේර වල මිල ඉහළ නැග්ගේ ඉතා සීග්‍රයෙන් . කොහෝම වුණත් ඕස්ට්‍රේලියානු අලිපේර ප්‍රශ්නයට සාරථක විසඳුමක් මේ වන විටද ලැබිලා.. ඒ ඇවොසිල්ලා “Avozillas” යෝධ අලිපේර නිසයි…

මෙම අතිවිශාල අලිපේර ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 1.8ක්. දකුණු අප්‍රිකාවට ආවේණික මෙම අලිපේර වර්ගය ඔස්ට්‍රේලියානු ගොවි පවුලක් විසින් ක්වීන්ස්ලන්ඩ් පළාතේ වගා කරන්න පටන් අරන්.. වගාව සාර්ථක වීමත් සමග ඔවුන්ට ලැබෙව ඉල්ලුමත් ඉහලයි.
සාමාන්‍ය අලිපේර ගෙඩියකට වඩා විශාල ප්‍රමාණයක් වන මේ “Avozillas” අපේ මුහුණේ ප්‍රමාණයට මදක් සමානයි.

බටහිර ඉන්දියානු කුලයෙ අලිපේර වර්ගයක් සහ ගෝතමාලා අලිපේරකෙුලයේ සම්මීශ්‍රණයක් ලෙසද මෙම යෝධ අලිපේර වර්ගය හඳුන්වා දිය හැකියි.

මේ වන විට ම ගෙඩියක් ඇමරිකානු ඩොලර් 8ක් දක්වා මිල කර ඇති  “Avozillas”ඔස්ට්‍රේලියානු පළතුරු වෙළඳපල ආක්‍රමණය කර හමාරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි