×

පෞද්ලික දේපළ හිමිකාරීත්වය පිළිගන්නට ”කියුබාව” සැරසේ, සමරිසි විවාහ ද නීතිගත කරන ලකුණු.

ඒ අනුව 1976 වසරේදී පැවති නීති නැවතත් ක්‍රියාත්මක වනු ඇති අතර පෞද්ගලික දේපළ හිමිකාරිත්වය , පෞද්ගලික ව්‍යවසාය සහ විදෙස් ආයෝජන නීතිය යටතේ කියුබාව තුළ ස්ථාපිත කරනු ඇත.


කියුබාව සිය නව ව්‍යවස්ථා සංශෝධන යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පුද්ගලික දේපළ හිමිකාරීත්වය පිළිගන්නට සූදානම් වෙමින් සිටී.

1959 වර්ෂයේ පිදේල් කැස්ත්‍රො කියුබානු ජනාධිපති ලෙස පත්වීමත් සමග දේපළ විකිණීමේ අයිතිය කියුබානුවන්ට අහිමි විය. මෙම නීතිය වෙනස් කරමින් ඒ සඳහා රජයේ අවසරය ලබා ගැනීමට 2011 වසරේදී නව නීති හඳුන්වාදෙන ලදී.

කොමියුනිස්ට් රාජ්‍යයක් වන කියුබාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන බලාපොරෝත්තුවෙන් සිටින අතර මධ්‍යම සැළසුම් සහ රාජ්‍ය ව්‍යවසාය කියුබානු ආර්ථිකයේ මූලිකාංග වන්නේය.

මෙම නව සංශෝධන මී ළඟ සතියේ පැවැත්වීමට නියමිත ජාතික සමුළුවේදී ජන්දයත් මගින් සම්මත කරවා ගැනීමට නියමිතය.

එසේ සම්මත කර ගන්නා සංශෝධන මෙම වසර අගභාගයේදී අවසන් අනුමැතිය බලාපොරෝත්තුවෙන් ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමටටද නියමිතය.

ඒ අනුව 1976 වසරේදී පැවති නීති නැවතත් ක්‍රියාත්මක වනු ඇති අතර පෞද්ගලික දේපළ හිමිකාරිත්වය , පෞද්ගලික ව්‍යවසාය සහ විදෙස් ආයෝජන නීතිය යටතේ කියුබාව තුළ ස්ථාපිත කරනු ඇත.

එමෙන්ම ජනපති වරයෙකුගේ රාජ්‍ය කාලය වසර පහ බැගින් දෙවරක් ලෙස සීමා කිරීමටද , අගමැති සහ ජනාධිපති දෙනො අතරේ දේශපාලන බලය බොදා හැරීමටත් නව නීති මඟින් අවස්ථා උදා කර දී ඇත.

සමලිංගික විවාහ නීතිගත කිරීම , ලිංගිකත්වය, ජනවර්ගය සහ ආබාධිත වීම මත වෙනස්කොට සැළකීම නීතිවිරෝධී කිරීමද නව කියුබානු ව්‍යවස්ථා සංශෝධනයන්ගේ තවත් අංශ වේ.

මේ සඳහා හිටපු ජනපති රාහුල් කැස්ත්‍රෝ ගේ සහය ලැබෙනු ඇතැයි වත්මන් ජනපති මිගුවෙල් දියාස් කානෙල් බලාපොරෝත්තුවෙන් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි