×

Gmail විශ්වාසය පළුදු වෙයි.

මේ වන විට දහස් ගණන් වෙනත් අයගේ Gmail පණිවිඩ විවිධ ආයතන විසින් අනවසරයෙන් කියවා ඇති බව සහ පෞද්ගලික තොරතුරුවලට ඇතුල් වී ඇති බව Google සමාගම පිළි ගනී.


කාලයක් තිස්සේ පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු තුන්වන පාර්ශවයක් වෙත යෑම සම්බන්ධව facebookෆේස්බුක් ආයතනය වෙත එල්ල වූ චෝදනාව අද වන විට Google වෙතද එල්ල වන්නට පටන් ගෙන ඇත.

ගූගල් සමාගම විසින් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබා දී ඇති ජී මේල්Gmail සේවාවේ සුරක්ෂිත තාව පිළිබඳව මේ වන විට අර්බුධ කාරී පුවත් නිර්මාණය වෙමින් පවතී.

ඊයේ Wall Street Journalවිසින් නිකුත් කළ  ලිපියකින් අනාවරණය කර තිබුණෙ තුන් වන පාරශවයක් විසින් Gmail පරිශීලකයන්ගේ ගිණුම් තුළට අතුල් වන බවත් ඒවායේ තොරතුරු සම්බන්ධව ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත්ය. මේ වන විට ඒ ආකාරයෙන් දහස් ගණන් වෙනත් අයගේ Gmail පණිවිඩ විවිධ ආයතන විසින් අනවසරයෙන් කියවා ඇති බව අනාවරණය වී ඇතිබවද එම ලිපිය මඟින් පෙන්වා දෙයි.

මෙම සිද්ධි සම්බන්ධව අද ගූගල් ආයතනය විසින් නිකුත් කළ ප්‍රකාශයක් ආයතනයට අයත් බ්ලොග් අඩවිය මඟින් නිකුත් තර ඇත. ගූගල්හී ආරක්ෂණ සහ පෞද්ගලිකත්වය සම්බන්ධ අධ්‍යක්ෂ වරිය වන සූසේන් ෆ්‍රේ Suzanne Frey, (director company’s Security, Trust, & Privacy division of Google Cloud)මෙහිදී පෞද්ගලික Gmail ගිණුම් සඳහා තුන්වන පාර්ෂවයකට ද අනවසරයෙන් පරිශීලකයාගේ නොදැනුවත් කමින් ඇතුළු වීමේ හැකියාවක් තිබිය හැකි බව පිළිගත්තාය.

නමුත් එවැනි අනාරක්ෂිත දෙයක් සිදුවිය හැක්කේ ගූගල් වෙතින් හඳුන්වා නොදුන් ඉන් පිටත වෙනත් ඇප් මෘදුකාංග භාවිත කිරීමේදී පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

මීට මාස කිහිපයකට පෙර ෆේස්බුක් පරිශීලකයන්ගේ තොරතුරුද මේ ආකාරයෙන්ම තුන්වන පාර්ශවයක් විසින් අනවසරයෙන් ලබා ගැනීම සම්බන්ධව ආන්දෝලනාත්මක පුවතත් අනාවරණව විය. මේ වන විට එවැනිම අයුරින් Gmail පරිශීලකයන්ගේ තොරතුරු වල ආරක්ෂාව සම්බන්ධවද ඇති වී තිබේ.

ගූගල් ඇප් හෝ ගූගල් නොවන ඇප් කුමන හෝ දෙයක් මාර්ගයෙන් මෙසේ අන්තර්ජාල පරිශීලකයන්ගේ තොරතුරු වලට තවත් අයෙක් විසින් අනවසරයෙන් ඇතුල්වීම ඊ මේල් පහසුකම ලබා ගන්නා පරිශීලකයන්ට තර්ජනයකි.

ගූගල් ආයතනය පවසන්නේ පරිශීලකයන් විසින්Gmail ලිපිනය ඇතුලත් කිරීමෙන් විවිධාකාරයේ ගූගල් සමාගම විසින් නිකුත් නොකල ඇප්ස් භාවිත කරන බවයි. එහිදී මෙසේ තුන්වන පාර්ශවයකට අනවසරයෙන් පෞද්ගලික තොරතුරු වෙත ලඟා විය හැක. විවිද සංචාර සැළසුම් කරන්නන්trip planners මෙන්ම පාරිභොගික සම්බන්ධතා කළමනාකරුවන් customer relationship management (CRM) systems ආදීන් විසින් සිය ඇප් මෘදුකාංග හරහා මෙසේ රහසින් ජී මේල් හී තොරතුරු වලට ඇතුල්වීමේ ඉඩකඩපවතී.

අද වන විට ගූගල් හරහා පරිශීලකයන් බිලියන 1.4විසින් ලොකයේ වඩාත් ජනප්‍රියම ඊමේල් පහසුකම වන Gmail පහසුකම ලබා ගනී.

පරිශීලකයන් මෙසේ නොදැනුවත්ව මෙවැනි තුන්පාර්ශවයක් සඳහා සිය Gmailතොරතුරු වලට අවසර ලබා දීම වැළැක්වීමට සිය ආයතනය විසින් ආරක්ෂීත උපදෙස් මාලාවක් මෙන්ම තුන්වන පාර්ශව සඳහා නීති මාලවක්ද ලබා දී ඇති බව ගූගල් ආයතනය පවසයි.

කෙසේ වුවද පරිශීලකයන් හට එම සියලු නීතිරීති හා උපදෙස් පිළිපදින්ට මෙන්ම භාවිත කරන්නට සමහර අවස්ඛාවල මඟහැරෙන්නට හැකියාව පවතී. එවැනි අවස්ථ සම්බන්ධව ගූගල් විසින් පරිශීලකයාගේ පෞද්ගලිකත්වය රැක ගැනීම සිදු කළ යුතු බවට මේ වන විට ගූගල් වෙත චෝදනා එල්ල වේ.

කෙසේ වෙතත් අද වන විට අන්තර්ජාලය හරහා සිය තොරතුරු හුවමාරුවේදී මෙන්ම සිය පෞද්ගලිකත්වය අනාවරණයේදී පරිශීලකයා විසින් වරක් දෙවරක් නොව තෙවරක් සිතිය යුතු බවට මෙවැනි සිදුවීම් විසින් තහවුරු කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි