×

ශ්‍රී ලාංකික මයිකල් ඔන්ඩාචි ලියූ ‘The English Patient’ කෘතිය මෑන් බූකර් රන් සම්මානය දිනා ගනී.

greatest-ever winner of the Man Booker Prize සම්මානය සඳහා පැවති ඡන්දයේදී 9000කගේ ඡන්දයෙන් මෙම සම්මානය ද ඉන්ගිලිෂ් පේෂන්ට් කෘතියට හිමිව ඇත‍.


1992 වසරේදී බූකර් සම්මානයෙන් පිදුම් ලැබී ද ඉන්ග්ලිෂ් පේෂන්ට් “The English Patient”කෘතිය මෑන් බූකර සම්මානය ලද ශ්‍රේෂ්ඨතම කෘතිය බවට මෙවර පත්විය. අන්තර්ජාලය ඔස්සේ greatest-ever winner of the Man Booker Prize සම්මානය සඳහා පැවති ඡන්දයේදී 9000කගේ ඡන්දයෙන් මෙම සම්මානය ද ඉන්ගිලිෂ් පේෂන්ට් කෘතියට හිමිව ඇත‍. තවත් කෘති 4ක් පරදවා මෙම ජනතා ජයග්‍රහණයෙන් පසු මෑන් බූකර් රන් සම්මානයෙන් එය පිදුම් ලැබුවේය. මෙහි කතුවර මයිකල් ඔන්ඩාච්චි කැනඩාවේ ජීවත් වුවත්, ඔහු ශ්‍රී ලාංකිකයෙකි.

මයිකල් ඔන්ඩාචි (Michael Ondaatje) The English Patient” කෘතියට දෙවන ලෝක යුධ සමයේ ආදරය සහ යුද්ධය අතර ගැටුම ප්‍රස්තුත ය වී ඇත.

මෙම කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද නිර්මාණය වූ ද ඉන්ග්ලිෂ් පේෂන්ට් චිත්‍රපටය සඳහා 1996 වසරේදී රැල්ෆ් ෆියෙන්ස් සහ ජුලියට් බිනොච් විසින් ඔම්කාර් සම්මාන 9න් දිනා ගන්නා ලදී.

මෑන් බූකර් රන් සම්මානය සඳහා බූකර් සම්මානිත කෘති 51ක් අතරින් කෘති 5ක් මෑන්බූකර් විනිසුරු මඩුල්ල විසින් තෝරා ගත් අතර එසේ තෝරා ගත් කෘති 5 අන්තර්ජාලය ඔස්සේ ජනතා ජන්දය ලබා ගැනීමට යොමු කරන ලදී.

1970 බූකර් සම්මානයේ අවසන් වටයට තේරී පත් වූ  වී .එස් නායිපෝල් ගේ “In a Free State” කෘතිය, 1980 බූකර් සම්මානයට තරඟ කළ පිනෙලෝප් ලයිවුලිගේ “Moon Tiger” කෘතිය හිලරි මැන්ටෙල් ගේ “Wolf Hall” හා ජෝර්ජ් සොන්ඩර්ස් ගේ “Lincoln in the Bardo” කෘති බූකර් ගෝල්ඩන් සම්මානයේ අවසන් වටයට තේරුණ අනෙකුත් ග්‍රන්ථ වෙයි.

1969 දී ආර්ම්බ වුණ මෑන් බූකර් සම්මානය මුල්කාලයේ බ්‍රිතාන්‍ය, අයර්ලන්ත සහ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවලට සීමා වූ අතර අද වන විට සෑම ඉංග්‍රීසි ගත් කතුවරයෙකු සඳහාම එය පුළුල් වී ඇත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි