×

නවදිල්ලියේ, එකම පවුලේ 11ක් අභිරහස් ලෙස මිය යයි…

දෑත් ,දෙඇස් බැඳ සිදුව තිබූ මෙම එකම පවුලේ සාමාජිකයන්ගේ මරණය ආගමික විශ්වාසයක් නිසා සිදු කර ගත්තාදැයි යන්න සැකයක්


ඉන්දියාවේ නවදිල්ලි නුවර එකම පවුලේ 11 දෙනෙක් අබිරහස් ලෙස මිය ගොස් ඇත. පදිංචිව සිටි නිවසේ වහලයේ එල්ලී මිය ගොස් ඇති සියළු දෙනා දෑස් බැඳ දෙඅත් ගැට ගසා තිබූ බව වාර්ථා වේ. මොවුන් මිය ගියාද නොඑසේනම් කවුරුන් හේ ඝාතනයට ලක්කලාදැයි යන්න තවමත් පොලීසියට ගැටළුවක් වී ඇත්තේ ඒ සම්බන්ධව විවිධ සැකයන් ඉස්මතු වී ඇති බැවිනි.


මිය ගිය පිරිස අතරේ 77 හැවිරිදි එක් කාන්තාවකගේ පමණක් ගෙල සිර කොට ඇගේ සිරුර නිවසේ පොළොව මත තිබියදී සොයාගෙන ඇත.
වයස අවුරු 15 සිට 77 දක්වා වයස් වල මව , පියා, දරුවන් ඇතුළු පවුලේල සියළු සාමාජිකයන් මෙසේ මිය ගොස් ඇත‍

මින් දින කිහිපයකට පෙර මිය ගිය එක් දියණියකගේ විවාහ ලියාපදිංචිය සිදුවූ අතර එය උත්සවාකාරයෙන් පවත්වා ඇත.ඔවුන්ගේ ගම්වාසින් පවසන්නේ මේ කිසිවෙකුත් සිය දිවි නසා ගන්නය තරම් ප්‍රශ්නයක සිටි බව පෙනෙන්නට නොතිබූ බවයි .

එමෙන්ම ගම් වැසියන්ගේ තොරතුරු සහ හමු වී ඇති සාක්ෂි අනුව මෙම අභිරහස් මරණයන් සඳහා ඔවුන් විසින් අදහන ලද යම් ආගමක් හේතු වන්නට ඇතැයි යන්නද පොලිසිය විසින් සැක කරයි. නිවසේ සාමාජිකයන් ගණට ගැලපෙන ලෙස කිසිම හේතුවක් නොමැතිව මිය ගිය ස්ථානයේ බිත්තියට සම්බන්ධකර තිබූ අභිරහස් නළ 11 ක් දැක ගත හැකි වී තිබීම මෙම සැකයටට එක් හේතුවක් වී ඇත. එම අභිරහස් නළ තුළින් ජලය ගලා යෑමක් සිදු නොවූ අතර පිටත වාතයට නිරාවරණය වන සේ බිත්තියේ ඒවා සවිකර තිබී ඇත.

එමෙන්ම නිවසේ තිබූ සමහර සාක්ෂි මෙම පවුලේ පිරිස සමූහික ගැලවීම mass salvation විශ්වාස කළ බවටද සැක පහළ කරන බව නවදිල්ලි පොලිසිය සැක කරයි.

කෙසේ වෙතත් මෙම අභිරහස් මරණ කෙසේ වූවාදැයි යන්න පිළිබඳව පොලීසය සහ ආරක්ෂක අංශ තවමත් තීරණයකට පැමිණ නැත



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි